Global Platform For All Sri Lankans

වසන්ත මැරූ ‘නොම්මර 26’ සාප්පුවේ වසර 7 කට පෙර සිදුවූ පාතාල ඝාතනය

The-underworld-murder-that-took-place-7-years-ago-at-the-'Nommara-26'-shop-in-wasantha-killed

එකම ස්ථානයක වරින්වර සමාන ආකාරයේ සිදුවීම් වාර්තාවීම කලාතුරකින් සිදුවිය හැකි දෙයකි.  සඳුදා දහවල් ක්ලබ් වසන්ත ඝාතනය වූ අතුරුගිරිය කඩුවෙල පාර අංක 26 කුඩා සාප්පුව මීට වසර 7 කට පෙර 2017 තවත් බිහිසුණු සිදුවීම් ගණනාවක් නිසා මාධ්‍ය තුළ කථාබහට ලක්වූ ස්ථානයකි.
පාතාල නායකයකු යැයි කියැවෙන ටනිල් බණ්ඩාර ධර්ම ශ්‍රී හෙවත් බණ්ඩා යන අයට වෙඩි තැබීමේ මෙම සිදුවීම සිදුව තිබුනේ 2017 ජනවාරි මාසයේය. එම ස්ථානයට පාතාල නායකයා පැමිණි අවස්ථාවක ඔහු ඝාතනය කර තිබුනේ, රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය වන මංජුලා සඳුනිගේ උපකාරය මත ඇය සැපයූ ඔත්තුවකට අනුව යයි ටනිල්ගේ ගෝලයින් සැක කළ අතර මේ සැකය හේතුවෙන් ඇය අත්අඩංගුවට පත්විය.

පසුව මෙහි භයංකර සිදුවීම් දෙකක්ද සිදුවිය. සිදුවීමෙන් සති තුනක් ගිය තැන පාතාල නායකයා මැරුණ මෙම අංක 26 කුඩා සාප්පුවේ හිමිකාරිය රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතුරතුර කිසියම් කන්ඩායමක් මෙම ස්ථානයට රාත්‍රී කාලයේ පැමිණ එහි දේපළ සියල්ල ගිනි තබා ගොස් තිබුණි. දොරකඩා ඇතුළුවූ එම පිරිස එහි වටිනා උපකරණ සියල්ලද ගිනිබත් කළ අතර හිමිකාරිය වන මංජුලා සඳුනි නමැති 41 හැවිරිදි එක් දරු මව මේ ගැන දැනගත්තේ රක්ෂිත බන්ධනාගාරයදීය.
ඉන්පසු සිදුවූ බිහිසුනු සිදුවීම නම් ඇය නිදහස්වී පැමිණි පසු ඝාතනයට ලක්වීමය. කොට්‌ටාව රුක්‌මලේ ප්‍රදේශයේ නිවසක ඇය වාසය කළ අතර එහි කඩාවැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනෙක්‌ එම නිවසේ සිටි
රූපලාවන්‍ය ශිල්පිනිය වෙඩි තබා ඝාතනය කර පළාගොස්‌ තිබුනි.

ටනිල් බණ්ඩාර නමැති පාතාල සාමාජිකයා සේවය ලබමින් සිටියදී රූපලාවන්‍යාගාරයට කඩා වැදුණ පිරිසක් මගින් ඝාතනය කරන ලද්දේ ඇය සැපයූ ඔත්තුවකට වූ බැවින් එකී ඝාතනයට උදව්දීමට මෙම තැනැත්තිය කටයුතු කර තිබුණාය කියා එම ඝාතනය සිදුවිය. රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඇය ඇප ලබා පැමිණීමෙන් පසුව පාතාල තර්ජන ලැබුණ නිසා මාස 6 ක් පමණ සැඟවී සිටි නමුත් ඇය නිවසට ආ පළමු දිනයේම සැමියා සමග සිටියදී වෙඩික්කරුවන්ගේ ග්‍රහණයට ලක්විය.

කඩුවෙල පාර අංක 26 කුඩා සාප්පුව මේ ආකාර අපූරු භයංකර ඉතිහාසයකට හිමිකම් කියයි.
සඳුදා දින ක්ලබ් වසන්ත ඇතුලු දෙන්නෙකු මෙහිදී ඝ‍ාතනය වූ අතර එම අවස්ථාවේද මෙහි රූපලාවන්‍යයට සම්බන්ධිත ව්‍යාපාරයක් අරඹන්නට සූදානම් කළ උත්සවයක් පැවැත්විණි.
2017 එම ස්ථානයේ ගින්නෙන් සිදුවූ විනාශය මේ සමග පළවෙයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads