Global Platform For All Sri Lankans

Update 8: ටැටූ ආයතන හිමිකරු දුලාන් අත්අඩංගුවට

club-wasantha-murder-updates

 මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය ටැටූ ආයතනයේ හිමිකරු වන දුලාන් සංජුල නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙන අතර ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇත්තේ ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුව ක්ලබ් වසන්ත තම ආයතනය විවෘත කිරීමේ උත්සවයට කැඳවාගෙන ආ බවයි.
ඒ වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට ටැටූ ආයතනයේ හිමිකරුගේ බැංකු ගිණුමට රුපියල් දසලක්‍ෂයක් බැරවී තිබූ බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

“ඩුබායිවලින් ආව කන්ට්‍රෑක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා. ඒ ප්ලෑන් එක අනුව ටැටූ ෂොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන සැලසුම ක්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ලැබුණා” යැයි ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු දුලාන් සංජුල  පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.

බලපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහුට ටැටූ ගැසීම සඳහා හැකියාවක් තිබුණ ද ඒ සඳහා ආයතනයක් පවත්වාගෙන යාමට මුදල් නොතිබූ බව කියැවේ. බලපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මිතුරෙකු හරහා විදේශගත පුද්ගලයෙකු සමඟ සබඳතා පවත්වා තිබෙන අතර විදේශගත පුද්ගලයා ටැටූ ආයතනයක් ආරම්භ කිරීමට මුදල් ලබාදීමට ද එකඟතාවය පළකර ඇති අතර ඒ සඳහා ඔහු  මුදල් ලබාදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
 ටැටූ ආයතනය විවෘත කිරීම සඳහා උත්සවයක් සංවිධාන කරන ලෙසත් ඊට ක්ලබ් වසන්ත ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගන්නා ලෙසත් විදේශගත පුද්ගලයා විසින් ටැටූ ආයතනයේ හිමිකරුට දැනුම් දී තිබෙන අතර ඝාතන සැලැස්ම දැනගෙන ඇත්තේ එම අවස්ථාවේදීය.
ඔහු ක්ලබ් වසන්තට එම විවෘත කිරීමේ අවස්ථාවට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබූ බවද පැවසේ.

ඔහු මෙම ස්ථානය කුලී පදනම මත ලබාගෙන තිබූ අතර ක්ලබ් වසන්ත සමග සමීප ඇසුරක් පවත්වමින් සිට මෙම උත්සවයට ආරාධනා කර තිබුණි. අතුරුගිරිය නගර මධ්‍යයේ ගොඩනැඟිල්ලක උඩු මහලේ ටැටූ ආයතනය පිහිටවූ අතර ටැටූ ආයතනයේ හිමිකරු, එය විවෘත කිරීමේ උත්සවයට ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ක්ලබ් වසන්ත සහ බිරියටත් ගායිකා කේ සුජීවා ඇතුළු පිරිසකට ආරාධනා කර තිබේ.
ඊයේ උදේ 10.00ට පමණ ක්ලබ් වසන්ත, ඔහුගේ බිරිඳ සහ ගායන ශිල්පිනි කේ. සුජීවා ඇතුළු පිරිසක් ටැටූ ආයතනය වෙත පැමිණ ඇත.
මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ආරාධිතයින් පුටු සෙටියේ වාඩිවී සිටි අතර එක්වරම පැමිණි වෙඩික්කරුව් හමුවේ ක්ලබ් වසන්ත කොටු විය. ආරාධිතයින් සමග වම් පසින් සිටි ආයතන හිමිකරුට කිසිදු තුවාලයක් නොවී එම සෙටියේ සිටි අනෙක් තිදෙනාටම වෙඩි වැදී තිබුණි.

ක්ලබ් වසන්ත ඇතුළු පිරිස උඩු මහලේ පිහිටි ටැටූ ආයතනය වෙත ඇතුළුවී විනාඩි කීපයක් ගතවනවාත් සමගම, සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ කුලී ඝාතකයන් දෙදෙනකු එහි කඩාවැදී ඇත. මුහුණු ආවරණය කරගත් කුලී ඝාතකයන් දෙදෙනා ටී 56 ගිනි අවි දෙකක් රැගෙන ටැටූ ආයතනයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු එහි සිටි පිරිස ඉලක්ක කර හතරඅතට වෙඩි තබා තිබේ.
ප්‍රහාරයෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ සහ කේ. සුජීවා නමැති ගායන ශිල්පිනිය ඇතුළු පස්දෙනකු බරපතළ තුවාල ලැබීය.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ක්ලබ් වසන්ත ඇතුළු හයදෙනකු රෝහල්ගත කර තිබේ. රෝහල්ගත කරන විටත් ක්ලබ් වසන්ත මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

රෝහල්ගත කිරීමෙන් පසු නයන නමැති පුද්ගලයා ද මියගොස් ඇත.ඔහු ක්ලබ් වසන්තගේ ආරක්ෂකයකු යැයි කියති.
ක්ලබ් වසන්තගේ බිරිඳගේ පපුව ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ලවී තිබෙන අතර ඇයගේ තත්ත්වය ද බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.ක්ලබ් වසන්ගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලෙන්
කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි හෝමාගම මූලික රෝහල පවසයි.

ඇය
ශල්‍යකර්මයක් සඳහා යොමු කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ
තත්ත්වය අසාධ්‍ය බැවින් කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සැත්කමකට ලක්කරන්නට නියමිතය.
ගායන ශිල්පිනි කේ. සුජීවා ද වෙඩි ප්‍රහාරයට ලක්ව පාදයේ තුවාල සිදුව ඇති අතර ඇගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

කුලී ඝාතකයන් දෙදෙනා ඔවුන් පැමිණි සුදු පැහැති මෝටර් රථයේ නැගී පලාගොස් ඔවුන් පැමිණි සුදු පැහැති මෝටර් රථය නවගමුව කොරතොට ප්‍රදේශයේ අතහැර දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
සීසීටීවී කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමේදී හෙළි වූයේ, ඝාතකයන් මෝටර් රථය කොරතොට ප්‍රදේශයේ අතහැර දමා, සුදු පැහැති වෑන් රථයක නැගී නැවත පලාගිය බවයි.
එම රථ්‍ය ද පසුව අතහැරගොස් තිබියදී හමුවිය.
අත්අඩංගුවට ගත් මෝටර් රථ පරීක්‍ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එය ව්‍යාජ අංක යෙදූ මෝටර් රථ බවයි.

සන්හිල් හෝටල් සමූහයේ හිමිකරු වූ ක්ලබ් වසන්ත, ව්‍යාපාර රැසක හිමිකරුවෙකි. කාන්තාවන් විදේශ රැකියා සඳහා යැවීම ඇතුළු තවත් ව්‍යාපාර රැසක් මොහු විසින් කරගෙන ගොස් ඇත.
පසුගිය කාලසීමාවේදී ක්ලබ් වසන්තගේ සන්හිල් හෝටල් කීපයක් විකුණා දැමූ අතර, එම හෝටල් අලෙවියෙන් ලැබූ මුදල් ඔහු විසින් ලබාගත් ණය මුදල් ගෙවාදමන්නට සිදුවූ බවද පවසා තිබුණි.
නුවරඑළියේ, කොළඹ මැරැයින් ඩ්‍රයිව් සහ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශවල සන්හිල් හෝටල් ඉදිකර තිබිණි.

කොළඹ රාත්‍රි සමාජශාලා කීපයකම හිමිකරුවකු ලෙස ද මොහු කටයුතු කළ අතර රටේ ප්‍රබල දේශපාලනඥයන්, ජනප්‍රිය ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, ධනවතුන්, ප්‍රභූන්, උසස් ආරක්‍ෂක අංශ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කළ ව්‍යාපාරිකයෙක් ද විය.

ක්ලබ් වසන්ත මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනෙකු ද ඇසුරු කළ බවට තොරතුරු ඇති බව පොලිසිය පවසයි.
මෙම ප්‍රහාරයට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණය වී නැත. මෙය පාතාල ගැටුමක ප්‍රතිඵලයක් ද එසේත් නැත්නම් පුද්ගලික ආරවුලක් නිසා සිදුවූයේ ද යන්න සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මේ අතර මෙම ප්‍රහාරය, යුරෝපයට පලාගොස් සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් සිදුවී ඇති බවට පොලිසියට සැකයක් පවතී.
මෙම ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ වැටී තිබූ ටී 56 හිස් පතරොම් කොපුවල KPI යන ඉංග්‍රීසි අක්‍ෂර සටහන් කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
KPI යනුවෙන් සටහන් කර ඇත්තේ කංජිපානි ඉම්රාන් යන නමට අයත් අක්‍ෂර බවට පොලිසිය සැක පහළ කරන අතර ඩුබායිහි සිටියදී කංජිපානි ඉම්රාන් හා මාකඳුරේ මදුෂ් කොටුකරගත්තේ මියගිය ක්ලබ් වසන්ත පොලිසියට සැපයූ ඔත්තුවක් මත බවට විශ්වාසයක් තිබී ඇතැයිද ඒ පාවාදීමේ පලිගැනීමක් ලෙස මෙම ඝාතනය කර ඇති බවටද අනුමානයක් පවතී.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads