Global Platform For All Sri Lankans

Update 9: කවුද මේ ක්ලබ් වසන්ත?

club-wasantha-update

කෝටිපති ව්‍යාපාරිකයකු වන රාජපක්ෂ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා කියන නමට වඩා ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියේ ‘ක්ලබ් වසන්ත’ යන අන්වර්ථ නාමයෙනි.ඔහු කොළඹ සහ අවට ප්‍රදේශවල සමාජ ශාලා අටකට වැඩි ප්‍රමාණයක හිමිකරු බව තතු දත් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.ක්ලබ් වසන්ත යන අන්වර්ථ නාමයෙන් ඔහු හැඳින්වෙන්නේ ද ඒ නිසාමය.

අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක පළමු මහලේ ටැටූ නිර්මාණ මෝස්තර මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සඳහා විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ආරාධනා ලැබ සිටියේ මෙම කෝටිපති ව්‍යාපාරිකයාය.නිරූපණ මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව ඔහු එහි තිබූ සෝෆාවක වාඩිවී සිටිය දී ඒ ස්ථානයේදීම මැරුම් කෑවේ ඔහු සමග පැමිණි පුද්ගලයකුද සමගිනි.

නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මැරුම් කෑ රාජපක්ෂ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නමැති කෝටිපති ව්‍යාපාරිකයා කවුරුන්දැයි යන්න සොයා බැලීමේ දී ඔහු ගැන කරුණු කාරණා දන්න සහ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් තොරතුරු රැසක් අනාවරණය විය.

නුවරඑළිය ප්‍රදේශයේ උපන් වසන්ත ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පෞද්ගලික පාසලකින්ය. ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමෙන් පසු ඔහු නුවරඑළිය ගාමිණී මහා විද්‍යාලයට ඇතුළු වී සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති ඔහු පාසල් යන කාලයේ පටන්ම මුදල් හරිහම්බ කිරීමට රුසියෙක් විය.

පාසල් යන කාලයේ පාසල් මිතුරන්ට සහ වෙනත් අයට මුදල් පොලියට දී ඇතැයි කියයි. සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු 1980 දශකයේ අග භාගයේ ජපානයට ගොස් මෝටර් රථ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි අතරවාරයේ ද වසන්ත වාහන මෙරටට එවීම ද කරගෙන ගොස් යහමින් මිල මුදල් හම්බ කර ඇත.ජපානයේ රැකියාව කර මෙරටට පැමිණීමෙන් ටික කලකට පසු රාත්‍රී සමාජ ශාලා ව්‍යාපාරයට අත ගැසුවේ පාතාලයෙන් එල්ල වූ තර්ජන ගර්ජන මැද්දේය. සෑම තර්ජන ගර්ජනයකටම මෙන්ම වෙනත් අභියෝගවලට ද මුහුණ දෙමින් ඔහු සාර්ථක ලෙස රාත්‍රී සමාජ ශාලා ගණනාවක්ම පවත්වාගෙන ගියේය.ඝාතනයට ලක්වන විට ඔහු කොළඹ සහ ඒ අවට රාත්‍රී සමාජශාලා හත අටකම අයිතිකරුවකු බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

රාත්‍රී සමාජ ශාලා පවත්වාගෙන යෑම ආරම්භ කළ මුල් වකවානුවේම මොහු ප්‍රසිද්ධියට පත් වූයේ ‘ක්ලබ් වසන්ත’ යන අන්වර්ථ නාමයෙනි. රාජපක්ෂ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා යැයි කීවාට කවුරුත් එතරම් දන්නේ නැත. ක්ලබ් වසන්ත යැයි කීවොත් කොයි කවුරුත් හඳුනන්නේය.

තතු දත් ආරංචි මාර්ග පවසන ආකාරයට පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවලට මුල් වරට කැරොකේ සංගීත සංස්කෘතිය හඳුන්වා දී ඇතැයි කියන්නේද මේ ක් ලබ් වසන්ත නමැති කෝටිපති ව්‍යාපාරිකයාය.

ඉතාම සුපිරි ජීවිතයක් ගත කර ඇතැයි කියන ක්ලබ් වසන්ත පානය කර ඇතැයි කියන්නේ විදේශීය නිෂ්පාදිත රුපියල් ලක්ෂ ගණන් වටිනා මත්පැන් අරක්කු වර්ගය.ඩුබායි රටේ ද මොහුට සුපිරි නිවස ඇතැයි තතුදත් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.කොළඹ සහ අවට ප්‍රදේශවල රාත්‍රී සමාජ ශාලා ගණනාවක්ම පවත්වාගෙන ගිය ක්ලබ් වසන්ත නමැත්තාට ඕනෑවටත් වඩා දේශපාලන හයිය ද තිබුණ අතර මැතිවරණවල දී ඔහුට උදවු උපකාර කළ ප්‍රබල දේශපාලනඥයන්ට අත දිග හැර මුදල් වියදම් කර ඇතැයි කියති.

ඔහු ඕනෑම තැනකට ආවේ ගියේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයන් පිරිවරාගෙනය. ඔහු ගිය ඕනෑම තැනක ආරක්ෂකයන් ඔහු වටා වළල්ලක් මෙන් රැඳී සිටිමින් ආරක්ෂාව සපයයි.ඔහු මාසයකට උපයන බව කියන ආදායම රුපියල් කෝටි ගණනක් යයි කියති. දේශපාලනඥයන්ට ආධාර උපකාර කළා සේම ඔහු දුප්පතුන්ට ද අත දිග හැර මුදල් වියදම් කළේ නැති බැරිකමක් කියාගෙන ආ අයකු හිස් අතින් යැවීමේ පුරුද්දක් ඔහුට නොතිබුණ බැවිනි.

රෝගී වූවන් ජීවත් කිරීම සඳහා ද ඔහු යහමින් මුදල් වියදම් කර ඇති අයකු බව තතු දත් ආරංචි මාර්ග මාර්ග වලින් දැන ගැනීමට තිබේ. ක් ලබ් වසන්ත ඉලක්ක කරමින් වෙඩික්කරුවන් දෙදෙනකු ටී පනස් හය වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකකින් එක්වරම දිගට හරහට වෙඩි තැබුවේ අතුරුගිරිය නගරයම දෙදරුම් කවමිනි.ඉලක්කය සපුරා ගත් වෙඩික්කරුවන් දෙදෙනා උඩු මහලේ සිට පහත මහලයට බැස පලා ගියේ දෙනෝ දහසක් බලා සිටියදීය.මෙය පාතාලයෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවක් අනුව සිදු වූ ඝාතන සැලැස්මක් බවට පොලිසිය සැක පහළ කරයි.

ඩුබායි රටේ දී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කර සිටියදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් මැරුම් කෑ මාකඳුරේ මදුෂ් නමැත්තා සමග ඔහු ජීවත්ව සිටිය දී පැවතියේ යැයි කියන මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇතිව තිබුණේ යැයි කියන ආරවුලකට වසන්ත මරා දැමූ බවට ද තොරතුරු ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.මෙම මුදල් ගනුදෙනුව රුපියල් කෝටි හතළිහක් වන බව පැවසේ.

පොලිස් වෙඩි ප්‍රහාරයකින් මා කඳුරේ මධුෂ් මියගිය පසු ඔහු සමග කලින් සමීප සම්බන්ධතා පැවැත්වූ බවට පැවසෙන දැනට විදේශයකට පලා ගොස් සැඟවී සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයා එම මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් කරන ලද කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතන සැලැස්ම ක්‍රියාත්මක වී ඇති බවටද කතාවක් පැතිර යමින් පවතින බව බුද්ධි අංශ ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඝාතකයන් දෙදෙනා ගැන හෝ ඔවුන් දෙදෙනා රැගෙන ආ කාර් රථයේ රියදුරා ගැන ද තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පාතාල මර්දන කටයුතු වල නිරතව සිටින විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම ඝාතකයන් දෙදෙනා සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads