Global Platform For All Sri Lankans

පාර්ලිමේන්තුවේ ඉන්න ‌බොහෝමයක් මගේ යාළුවෝ

club-wasantha-speaks

සුරේෂ් වසන්ත පෙරේරා මහතා නොහොත් ක්ලබ් වසන්ත, 2022 වසරේ  ධනුට කියන්න යූ ටියුබ්   වැඩසටහනට එක් වී කතාබහක නිරත විය.
එහිදී ඔහු මෙසේ කියයි.

ධනු: ඔබ ඇවිල්ලා ඉන්නේ ඩුබායි ඉදන්. ක්ලබ් වසන්ත කිව්වාම, ලංකාවේ නයිට් ලයිෆ් එකට සම්බන්ධ අය බොහොම හොදින් ඔබ දන්නවා. ඔබට ක්ලබ් වසන්ත කියන නම පට බැඳුණේ කොහොමද කියලා අපි ඒ ගැන කතා කරමු.

ක්ලබ් වසන්ත: මගේ ක්ලබ් (සමාජ ශාලා) නිසා. මුලින්ම මගේ ක්ලබ් තිබ්බේ එකයි දෙකයි. කැස්කේඩ්, බ්ලූ එලිෆන්ට් වගේ තරු පහේ හෝටල්වල තමයි ආරම්භය. ඒත් කල් යද්දී හෝටල්වලින් පිටත මුලින්ම ක්ලබ් ආරම්භ කළේ මම. ඒක ට්‍රෙන්ඩ් එකක් වුණා. ක්ලබ් 19 ක් වැඩි කරන්න මට පුළුවන්කම ලැබුණා. සභාපතිවරුන් සමඟ කතා කරලා නීත්‍යානුකූලව, බලපත්‍ර සහිතව, මේ වැඩ කටයුතු අනෙක් අයටත් කරගෙන යන්න මැදිහත් වුණේ මම. ඉතිං ප්‍රශ්න හුඟක් ආවා. පාතලය එක්ක හැප්පෙන්න සිද්ධ වුණා. ඒත් දැන් මම ඒ සියල්ල නතර කරලයි ඉන්නේ.

ධනු: ක්ලබ් සම්බන්ධයෙන් කතා කළොත්, දැන් ඒවා ක්‍රියාත්මක වන්නේ නියාමනයකට අනුව. ප්‍රශ්නයක් ආවොත් බවුන්සර්ලා ඉන්නවා. සාමාන්‍යයෙන් කෙනකුට ක්ලබ් එකක් ඇතුළට යන්නත් අමාරුයි. ඉස්සර ක්ලබ් කිව්වම රණ්ඩු තමයි. අනෙක මුල් දවස්වල දේශපාලනඥයන්ට සැලකිලි. දේශපාලනඥයකුගේ පුතෙක් ආවොත්, එයා වටකරගෙන හුඟ දෙනෙක් එනවා. කොහොමද ඒ දේවල් කළමණාකරනය කර ගත්තේ?

ක්ලබ් වසන්ත: ඒ දේවල් මට ප්‍රශ්නයක් වුණේ නැහැ. කවුරුත් මාව හඳුනනවා. අනෙක් ක්ලබ්වල සෙල්ලං දැම්මට, කවුරුවත් අපේ ක්ලබ්වල එහෙම සෙල්ලං දාන්න ආවේ නැහැ. හොඳට කාලා බීලා විනේද වෙලා බිලත් ගෙවලා යනවා.

ධනු:දැන්ඔබ ක්ලබ්ක්වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නවත්වලා දැම්මා. එහෙම කළේ දරුවාගේ මංගල උත්සවය නිසාද?

ක්ලබ් වසන්ත: විරෝධයකුත් ආවා තමයි. ඒත් වැඩියෙන්ම මට හිතුනා මේ යන ක්‍රමයට ක්ලබ් පවත්වාගෙන යෑමෙන් වැඩක් නැහැ. සංචාරක කර්මාන්තයට කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඒත් රජයෙන් මට කතා කළා යළිත් වරක් ක්ලබ් ප්‍රවර්ධනය කිරීමක් කරන්න. ඒ ගැන මම උනන්දුයි. ජනාධිපතිතුමාගේ අනුදැනුම යටතේ, නිසි ක්‍රමයකට අනුව, මේ කටයුතු කරන්න දෙනවා නම්, මම කැමතියි ආයෙත් ඒ වැඩ කරන්න.

ධනු: ඔබ හදන්නේ හැමවිටම හරි විදියට කරන්න. ආදායම් බදු නිසි වෙලාවට ගෙවීම් කරමින්, හරි විදියට මේ දේවල් කරන්න ඔබ කටයුතු කරනවා. ඔබ මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හඳුනනවා. ඇයි හැමදේම හරි විදියට කරන්න ඕනෑ තීරණයක් ගත්තේ?

ක්ලබ් වසන්ත: හරි විදියට කරන්න ඕනෑ කියන්නේ, නැති නම් වෙන්නේ ඒ අය ළඟ නැමෙන්න වීමයි. පාර්ලිමේන්තුවේ සියයට 60 කට වඩා වැඩියෙන් ඉන්නේ මගේ යාළුවෝ. හරි විදියට වැඩ ටික කරගෙනව ගියාම, ඒ අය කියන කියන දේ කරන්න අවහ්‍ය වෙන්නේ නැහැ. එයාලටත් ගැටලුවක් නැහැ. මටත් ගැටලුවක් නැහැ.

ධනු: සල්ලි තියෙනවා නම්, දේශපාලන මිතුරුකම් වැඩියි. ඔබ තවමත් රාජපක්ෂ පවුල සමඟ සමීපව කටයුතු කරන කෙනෙක්. රාජපක්ෂවරුන්ට විරෝධයක් එල්ල වෙද්දී පවා ඔබට හිතුනේ නැද්ද මම ඔවුන්ගේ යාළුකම්වලින් ඈත් වුණොතේ හොදයි කියන දේ.

ක්ලබ් වසන්ත: මට යාළුකමක් තියෙන්නේ මහින්ද මහත්මයා එක්ක. ඒ වගේමයි පුතා මගේ යාළුවෙක්. දේශපාලන දේවල් මට එයාලා එක්ක කතා කරන්න යන්න බැහැ. අපි ඒ දේවල් කතා කරලත් නැහැ. මහින්ද මහත්මයා හොඳ මහත්මයෙක්. යුද්දේ නැවැත්තුවා. මම ඒ දේවල් අනෙක් දේවල්වලට ඈඳා ගන්න යන්නේ නැහැ. ආර්ථිකය වැටුණා. ඒ වගේ දේවල් වුණා. ඒත් ඒ දේවල් මගේ යාළුකමට බාධාවක් වුණේ නැහැ. එයාගේ දේශපාලන ගමන ගැන මම දන්නවා. ඒ දේවල් කරගෙන යෑම එයාලගේ වැඩක්.

ධනු: ඔබ ඩුබායි ගියා. ආයෝජන රැසක් කළා. ඒ ජීවිතේ කොහොමද?

ක්ලබ්වසන්ත: ඩුබායි හොඳයි. හරිම සාමකාමීයි. මෙහෙ ප්‍රශ්නවලින් මිදිලා. එහෙ බොහොම සාමකාමීව ඉන්න පුළුවන් කියලා මට හිතුණා.

ධනු: ඩුබායිවල ශ්‍රී ලාංකික ප්‍රජාවක් ඉන්නවා. එයාලා ඔබට දැක්වූ ප්‍රතිචාරය මොකක්ද?

ක්ලබ් වසන්ත: හැමෝම යාළුවෝ. පරණ යාළුවෝ ඉන්නවා. ෆේස්බුක් හරහා හමුවුණු අලුත් යාළුවෝ ඉන්නවා. විවිධ තරාතිරමේ යාළුවෝ ඉන්නවා. පල්ලෙහා මට්ටමේ අය සහ ඉහළ මට්ටමේ අය. ඉදහිට යනවා සංගීත ප්‍රසංග බලන්න. ලංකාවේ නම කැත කරන, ගුටිබැට හුවමාරු කර ගන්නා අය ඒවායේ ඉන්නවා. ඉහළ මට්ටමේ ඉන්නේ හුඟක් සල්ලි තියෙන අය. මිලියනයක් පමණ පිරිසක් ඉන්නවා. එයාලා හොඳ ජොබ් කරනවා.

ධනු: සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට සංචාරකයන් ලංකාවට ගෙන්වා ගන්න. ඕනෑ කියනවා. අපට පුළුවන් අඩුවෙන් සල්ලි වියදම් කරන සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගන්න. නැතිනම් වැඩියෙන් සල්ලි වියදම් කරන සංචාරකයන් පොඩි පිරිසක් ගෙන්වා ගන්න පුළුවන්. වඩා හොඳ දේ මොකක්ද?

ක්ලබ් වසන්ත: වැඩි මුදලක් වියදම් කරන්න වැඩි සංචාරකයන් පිරිසක් ගෙන්වා ගන්න පුළුවන්. ගැටලුවක් වෙන්නේ නැහැ ඒක. මෙහෙ හොඳ හෝටල් තියෙනවා. ප්‍රවර්ධන කටයුතු හොඳින් කරන්න පුළුවන්.

ධනු: ඔබ හොඳින් ආදරේ පෙන්වන කෙනෙක් කියනවා. ඒක ඇත්තද?

ක්ලබ් වසන්ත: ඇත්ත.

ධනු: ඔබේ ආදරේ ගැන කීවොත්? ඔයාගේ පුතා සුදු බෝලේ.

ක්ලබ් වසන්ත: එයා වෙනුවෙන් මම හැමදේම කරනවා. එයා හම්බ වෙන්න ඉන්නකොට, හොඳ දොස්තර මහත්මයෙක් තමයි එයාගේ වර්ධනය සහ පෝෂණය ගැන බැලුවේ. ඉතිං එයා ලස්සනට සුදු බෝලේ වගේ ඉන්නවා. ඉපදුණේ අපි හිතපු බබා නෙවෙයි. විදෙස් පෙනුමක් එයාට තියෙනවා. මම හිතනෙ

විටමින් නිසා එහෙම වෙන්න ඇති.

ධනු: ක්ලබ් වැඩ කරද්දි ඔබ වැඩිපුරම වැඩ කළේ රෑ. ඉතිං, ඩුබායි සිටිද්දී දවල් කාලය ගත කළේ කොහොමද?

ක්ලබ් වසන්ත: ඩුබායි ඉන්නකොට සඳුදා සිට සිකුරාදා දක්වා වැඩ. සිකුරාදා සිට ඉරිදා විනෝද වෙනවා. සාද තමයි.

ධනු: ඉස්සර විදියට ඔබේ වැඩ කරගෙන ගියා?

ක්ලබ් වසන්ත: නැහැ. එහෙ කවුරුත් ඒ දේවල් ගැන

 කතා කළේ නැහැ. එයාලා සිකුරාදා පල්ලි යනවා. ඊට පස්සේ විනෝද වෙනවා. සති අන්තය විනෝදෙන් ඉන්න පුළුවන්. ක්ලබ් පමණක් නොවෙයි, කෑම බීම සඳහා වට්ටම් දෙනවා. ඇවිදින්න යන තැන්වලත් එහෙමයි.

ධනු: පිට ඉදන් බලද්දී, ලංකාවේ ලොකුම ප්‍රශ්නය විදියට ඔබ දකින්නේ මොක්කද?

ක්ලබ් වසන්ත: ලංකාවේ ලොකුම ප්‍රශ්නය මිනිස්සු මෝඩයි. දේශපාලනඥයොත් මෝඩයි. ඡන්ද කාලයට බෝතලේටයි පන්දාහටයි ඡන්දේ දානවා. සල්ලි තියෙන කෙනා පාර්ලිමේන්තුවට යනවා.

ධනු: දැන් පන්දාහක් මදි. හරි නං දහ දාහක්වත් දෙන්න ඕනෑ?

ක්ලබ් වසන්ත: අවුරුදු දෙකහමාරක් තිස්සේ ඡන්දයක් තිබ්බේ නැති නිසා දැන් පන්දාහ මදි. විසි දාහක් වත් දෙන්න වෙනවා.

ධනු: ඔබ නොයෙක් නොයෙක් තරාතිරම්වල මිනිස්සු ආශ්‍රය කරනවා. කොහොමද හැමෝම සමබරව ආශ්‍රය කරන්නේ?

ක්ලබ් වසන්ත: මම හැමදේම කෙළින් කතා කරන නිසා කවුරුවත් තරහා වේවිද දන්නේ නැහැ. ඒත් කියන්න ඕනෑ අපි පුංචි කාලේ ඉදලා සල්ලි දැක්ක අය. අපේ සීයලා හම්බ කරපු දේවල් තමයි අපට තියෙන්නේ. ඒවායේ අඩුවක් වෙලා නැහැ. හැමෝගෙන්ම හොඳයි කියලා අහන්න පුළුවන් විදියට ජීවත් වෙන්න ඕනෑ.

ධනු: ෂොපිං යද්දී ඔබ මිල ගණන් සන්සන්දය කිරීමක් කරනවාද? ආසා හිතෙන දේ ගන්නවාද?

ක්ලබ් වසන්ත: ආසා හිතුනොත් ඕනෑ දෙයක් ගන්නවා.

ධනු: ඔබ දැන් ලංකාවට ඇවිත් වාහනයක් පාවිච්චි කරනවා. ඒ වාහනය ඔබ වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කරන ලද්දක් නේද?

ක්ලබ් වසන්ත: ඒක ඇත්ත.

ධනු: ඒකේ නැති දේ මොකක්ද?

ක්ලබ් වසන්ත: වැසිකිළියක් නැහැ.

ධනු: ඉතිරි හැමදේම තියෙනවා?

ක්ලබ් වසන්ත: තියෙනවා. මේ වාහනේ මෙහෙ හැදුවේ. තායිලන්තයෙන් සහ ජර්මනියෙන් කොටස් ගෙනල්ලා. තව වාහනයක් නිර්මාණය කරන්නයි හදන්නේ වැසිකිළියක් තියෙන. ඒ වාහනය ඩුබායිවල හදන්නේ. මෙහෙ අය මම ඒකට එහෙට අරන් යනවා.

ධනු: අපේ විවිධ ක්ෂේත්‍රවල විවිධ පිරිස් ඉන්නවා. ඔබට හිතවත් වෙලා වාසි ගන්න හිතන ඒ වගේ ක්ෂේත්‍රවල අය ඉන්නවාද?

ක්ලබ් වසන්ත: එහෙම නැහැ. මම ඕනෑ කෙනෙක් එක්ක විනෝද වෙන්න ලෑස්තියි.

ධනු: ඔබගෙන් කඩා වඩා ගන්න එන අය ඉන්නවාද?එයාලා හදුනාගන්න ඔබට පුළුවන්ද?

ක්ලබ් වසන්ත: නැති බැරි කෙනෙක් ආවොත් දෙනවා. පුළුවන් විදියට උදවු කරනවා.

ධනු: ඔබේ යාළුවෙක් වෙන්න නම් ඔබ ඒ කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ?

ක්ලබ් වසන්ත: හොඳ චරිතවත් කෙනෙක් වෙන්න ඕනෑ. එයා එයාගේ පවුලේ අය වෙනුවෙන් වැඩ කරන කෙනෙක් කැමතියි. මට විනාඩි පහක් යද්දි කෙනෙක් මොන වගේ ද තේරුම් ගන්න පුළුවන්. අපෙන් කාලා ගිහින් අපිට බණින අය හඳුනා ගන්න පුළුවන්.

ධනු: ජීවිතේ කරන්නම ඕනෑ කියලා හිතාගෙන ඉන්න දේ කියන්න.

ක්ලබ් වසන්ත: මම මේ කරන්නේ ඒ දේ තමයි. ඊට එහාට දෙයක් නැහැ. මම එතැනට ඇවිල්ලයි ඉන්නේ. ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි කියන දේ මම පෙන්නුවා. දේශපාලනයට සම්බන්ධ වුණාම ලොකු පිළිගැනීමක් තියෙනවා කියලා හිතනවා. ඒත් එහෙම නැහැ. මට ඒ පිළිගැනීම නිකම්ම

ලැබිලා තියෙනවා. ඒක මට සදාකල්.

ධනු: ඔබ හුඟක් අයට උදවු කරපු සහ උදවු කරන කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි. එහෙම උදවු කරලා ඒ ගැන පසු තැවීමක් වෙලා තියෙනවාද?

ක්ලබ් වසන්ත: එහෙම වෙලා තියෙනවා. ගැන මම හිත හදාගෙනයි ඉන්නේ. ලංකාවේ මිනිස්සුන්ගේ හැටි දන්නවානේ. ආයේ උදවු ඉල්ලන් ආවාත් මම උදවු කරනවා.

ධනු: සල්ලි සේරම නැතිවෙලා කාත් කවුරුවත් නැතිවෙලා අසරණ වුණොත් කාටද මුලින්ම ඒ ගැන කියන්නේ?

ක්ලබ් වසන්ත: එහෙම නොවෙන තැනට වැඩ කරගැනීමයි මම කරන්නේ. මම මගේ දරුවෝ ළඟටවත් යන්නේ නැහැ. මට තියෙන දේපොල සහ ධනයෙන් ජීවත් වෙනවා. මමයි බිරිඳයි දරුවෝ නැතිව වෙනම ජීවත් වෙන්න සැලැසුම් සකස් කරලයි තියෙන්නේ.

ධනු: ලංකාවේ තරුණ තරුණියෝ අනාගතයක් නැහැ කියලා රට දාලා යන්න හදනවා. වෛද්‍යවරුන් බොහෝ දෙනකුත් ලංකාවෙන් ගියා. ඉතිං තරුණ අයට මොකද කියන්නේ?

ක්ලබ් වසන්ත: කියන්න දෙයක් නැහැ. ඊළඟ ඡන්දෙන් මේ රට හදන්න පුළුවන්. ඒක අමාරු දෙයක් නොවෙයි. සංචාරක කර්මනාන්තයෙන් මේ රට ගොඩ ගන්න පුළුවන්. රටට හරි නායකයෙක් ආවොත් කවුරුවත් මේ රටින් යන්න ඕනෑ වෙන්නේ නැහැ.

ධනු: ලංකාවට වෙන්න ඕනෑ දේ මොකක් කියලද හිතන්නේ?

ක්ලබ් වසන්ත: හොරකම් කරන්න බැරි වෙන්න නීති දැඩි වෙන්න ඕනෑ. ගෞරවණීය චරිත පාර්ලිමේන්තුවට යන්න ඕනෑ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා හම්බ කරගන්න අය හරියන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ගියොත් ජනතාව වෙනුවෙන්, ජනතා සේවයක් දෙන්න ඕනෑ.

ධනු: ලංකාව දාලා ඩුබායි යන්න හේතුව මොකක්ද?

ක්ලබ් වසන්ත: මම දාලා ගියේ නැහැ. එහෙත් මෙහෙත් මම ව්‍යාපාර කරගෙන යනවා. අලුත් ව්‍යාපාර මෙහෙ පටන් ගන්නවා. මගේ දරුවෝ ඒ රටවල්වල. එයාලා එහෙට කැමතියි. එයාලා එහෙන් වෙන රටවලට යන්නයි හදන්නේ. එයාලා හොඳට ඉගෙන ගත්තා. එයාලා මෙහෙට කැමැති නැහැ. එයාලගේ වැඩ නිසයි මම ඩුබායි ගියේ.

ධනු: ලෝකේ කොහෙ ගියත් ලංකාවේ මිනිස්සුන්ට කවුරුත් ආදරෙයි. ඒත් මෙහෙ අපි අපි ඒක එකිනෙකාට පෙන්වන්නේ නැහැ. හිනාවෙන්නේ නැහැ. ඒත් ඔබ කැපිලා පෙනෙන කෙනෙක්. ඒ ඔබ කෙළින් කතා කරන කෙනෙක් නිසා. ඔඛ බොහෝ දෙනකුට ආදර්ශමත් පුද්ගලයෙක්. ඒ ගැන මම ස්තූති කරන්න ඕනෑ.

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads