Global Platform For All Sri Lankans

සේවයෙන් නෙරපන ලිපියට බයවූ දුම්රිය සේවකයෝ වර්ජනය අතහරිති

Afraid of dismissal letter, railway workers call off strike - resume work from 12 midnight

මේ දිනවල ජනතාව අපහසුතා ඇතිකරමින් අත්‍යවශ්‍ය සේවයක් බවට නම්කර තිබියදී දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීම බොහෝ අයගේ විවේචනයට ලක්වූ අතර “දුම්රිය වෘත්තීය ත්‍රස්තවාදීන් 1000කට සේවය අත්හැර ගියා සේ සලකන ලිපි යැවු බව” ප්‍රවාහන ඇමති නිවේදනය කර තිබුණි.
කෙසේ වෙතත් මෙයට බියවූ වර්ජකයින් ප්‍රවාහන  ඇමති බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ  සහභාගිත්වයෙන් හිටපු කතානායක කරූ ජයසූරියගේ නිල නිවසේදී පැවැත්වූ සාකච්ඡාවේදී වර්ජනය අත්හරින්නට තීරණය කරන ලදි.
සේවයට වාර්තා කළ පසු සේවය හැර ගියා සේ සලකන ලිපි ඉවත් කරගන්නා බව ප්‍රවාහන ඇමති බන්දුල
ගුණවර්ධන වෘත්තීය සංගම් වෙත පවසා ඇතැයි වාර්තා වේ.

වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැරගියා සේ
සලකා” ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ අද ( 11) පස්වරුවේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ හමුදාව සහ ආරක්ෂක අංශ යොදාගෙන දුම්රිය සේවය පවත්වාගෙන යන බවය.
ඒ අතර රටේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති සමග සම්බන්ධව දැවැන්ත ඒකාබද්ධ වර්ජනයක් ක්‍රියාත්මක
කිරීම දක්වා වෘත්තීය සමිති අද සවස් වනවිට තීරණය කර තිබිණි.

කෙසේ වෙතත් මේ වනවිට ඇමතිවරයා දැක්වූ තර්ජනාත්මක ලිපිය වර්ජකයින්ගේ බියට හේතුවිය. සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව වෘත්තීය සමිති පවසයි.
මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර ඇති බව ලේකම් දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කළේය.
එකඟතාවලට අනුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට වර්ජනයෙන් නිරත වෘත්තීය සමිති තීරණය කර ඇති අතර අද මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට අමාත්‍යවරයා සහතික විය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads