Global Platform For All Sri Lankans

Lanka Hit News

අම්බානි ලේලියගේ රත්තරනින් කරන ලඳ , අමුතුම තාලේ මංගල ඇඳුම..

 

යුගයේ වැඩිම පිරිවැයක් දැරූ විවාහ මංගල උත්සවය වනු ඇතැයි පැවසෙන ඉන්දීය ප්‍රකට ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුතු වන ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ දින 03ක විවාහ මංගල්‍ය ඊයේ (12) ආරම්භ වුණා.

ඒ, මුම්බායි හි ජියෝ ජාත්‍යාන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී.

හින්දු නක්ෂත්‍ර ක්‍රමවේදය අනුව දින යොදාගත් මෙම විවාහ මංගල උත්සවයේ පළමු දිනයේදී එනම් ඊයේ ශුබ් විවාහ එනම් විවාහ චාරිත්‍ර ඉටු කෙරෙනු අතර ඒ සඳහා බොලිවුඩ්, හොලිවුඩ් තරු මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ දේශාපලනඥයින්ද ඇරියුම් ලබා තිබුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අම්බානි පවුලට විවාහය සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,000කට ආසන්න පිරිවැයක් දැරීමට සිදුවනු ඇති අතර එය ඔවුන්ගේ මුළු ධනයෙන් සියයට 0.05ක් පමණක් වන බවයි.

කෙසේ වෙතත්, සැබෑ රත්තරං වලින් නිර්මාණය කර ඇතැයි කියන අම්බානි පවුලේ අළුත් ලේලිය රාධිකාගේ ඇඳුමේ ඡායාරූප කීපයක්…

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads