Global Platform For All Sri Lankans

පළාත් පාලන නාමයෝජනා ගැන ජනපතිගේ නවතම තීරණය…

 

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා, ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ නාමයෝජනා අවලංගු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නාමයෝජනා භාර දී වසරක් ගතවීමෙන් පසු නැවත ඡන්දය විමසීම පැවැත්විය නොහැකි බවත් නව අපේක්ෂකයින්ට ද අවස්ථාව ලබාදීමේ අරමුණින් එම පියවර ගැනීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බව ද පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් ගේ හමුවට එක්වෙමිනි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මුදල් වැය කළේ නම් අද වනවිට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකිව තිබූ බව ජනාධිපතිවරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ,

“ජනතා විමුක්ති පෙරමුණට හෝ සමගි ජන බලවේගයට රටේ ප්‍රශ්න නිරාකරණය කර ජනතාවට යහපත් අනාගතයක් ගොඩ නඟාදීමට පැහැදිලි වැඩපිළිවෙළක් හෝ දර්ශනයක් නැහැ. ඔවුන් ගෙන යන බොරුව දැන් ජනතාවට අවබෝධ වී තිබෙනවා. බොරුවෙන් රටක් ඉදිරියට ගෙනයන්න බැහැ. සිංගප්පූරුව, ජපානය වැනි රටවල් ඉදිරියට පැමිණි ආකාරයට ශ්‍රී ලංකාව දියුණු කරන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි. දේශපාලන ක්‍රමය රටට සුදුසු ආකාරයට ගොඩනැඟිය යුතුයි. පක්ෂ කිහිපයක් තිබිය හැකියි. එහෙත් අරමුණ එකක් විය යුතුයි. දේශපාලන පක්ෂ එකට වැඩ කරන අවස්ථා මෙන්ම වෙන්ව වැඩ කරන අවස්ථා තිබිය හැකියි. නමුත් එක රාමුවක එකට එකතු වී වැඩ කිරීමටද හැකි විය යුතුයි. අද මේ රටේ තවත් ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් හට රැකියා අවස්ථා ඇති කර දීමයි. එම කටයුතු අතර 25%ක් පමණ වන රටේ දිළිඳු ජනතාවද අමතක කළ නොහැකියි. ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීමට අප ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා විවිධ ආර්ථික වැඩසටහන් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කර ග්‍රාමීය මට්ටමේ තිබෙන දිළිඳු ජන සංඛ්‍යාව අඩු කිරිම සඳහා අප සැලසුම් සහගතව ක්‍රියා කළ යුතුයි. කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත අප මේ වනවිට සම්මත කර තිබෙනවා. කාන්තා නියෝජනය වැඩි කිරීමටද අප පියවර ගනු ලැබුවා. ඒ වගේම පළාත් සභා පැරණි ක්‍රමයට යා යුතු බවට එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීතුමා යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. එම යෝජනාව සඳහා මගේ විරුද්ධත්වයක් නැති බව ප්‍රකාශ කළ යුතුයි. නමුත් එහිදීද කාන්තා නියෝජනය ඇතුළත් කළ යුතු බව අප දැනුම් දී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය මේ වන විට ජනාධිපතිවරණය වෙනුවෙන් තම සංවිධාන කටයුතු ආරම්භ කර මාස හයක් පමණ වනවා. වසරක් පමණ ඔවුන් දුවලා තිබෙනවා. ඔවුන් තවත් දිවිය යුතුයි. අපි වෙලාවට අපේ වැඩ කටයුතු ආරම්භ කරමු. මට කිසිම සැකයක් නැහැ අපි ජය ගන්නවා.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads