Global Platform For All Sri Lankans

රන් බඩු උගස් කළ අයට රජයෙන් සහනයක්..

 

පසුගිය කාලයේ රට තුළ පැවති දරුණු ආර්ථික අර්බුදය ආර්ථිකයේ සෑම අංශයකටම සෘජුව හා වක්‍රව අහිතකර අන්දමින් බලපාන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රන් භාණ්ඩ උකස් කිරීම සීග්‍රයෙන් වැඩි වී ඇතැයි රජය පවසනවා.

2019 වර්ෂයේදී රුපියල් බිලියන 210ක් පමණ වූ උකස් අත්තිකාරම් වල හිඟ මුදල් ප්‍රමාණය 2024 මාර්තු මාසය වන විට රුපියල් බිලියන 571ක් පමණ 172%කින් වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවද සඳහන්.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන බලපත්‍රලාභී බැංකු මඟින් උකස් අත්තිකාරම් ලබා ගෙන ඇති අඩු ආදායම්ලාභී පුද්ගලයන් වෙත සහන සැලසීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, ගනුදෙනුකරුවන් විසින් තනි පුද්ගල පදනම මත 2024 ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍රලාභී බැංකු මඟින් ලබා ගත් රුපියල් 100,000 නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව 10%ක උපරිමයකට යටත්ව, පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරය විසින් සලසා දීම පිණිස යෝග්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads