Global Platform For All Sri Lankans

Lanka Hit News

වාහන මිල පහළට ?

 

වාහන ආනයනය මත පනවා තිබු ආනයන සීමා ඉදිරි මාස කිහිපය තුළදී ලිහිල් කිරීම සිදුවනු ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා.

පසුගිය වසරවල පැවැති විදේශ විනිමය හිඟය මත වාහන ආනයනය තහනම් කෙරුණා.

නමුත්, අත්‍යාවශ්‍ය වාහන සඳහා එම තහනම ක්‍රමිකව ලිහිල් කිරීම සිදු වූ අතර, ඉදිරි මාස කිහිපය තුළදී ප්‍රමුඛතාවයන් අනුව අනෙක් වාහන ආනයන සීමා ද ඉවත් කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ මත රාජ්‍ය ආදායම් සහ විදේශ විනිමය වර්ධනය වීම සහ රජය අපේක්ෂා කළ ඉලක්කයන් සපුරාලීමට සමත් වීම හේතුවෙන් මෙම ආනයන සීමා ඉවත් කිරීමට රජයට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව, අසීමිතව ඉහළ ගිය වාහන මිල වාහන ආනයනය කිරීමත් සමඟ 60%ක පමණ විශාල ප්‍රමාණයකින් පහළ බසිනු ඇති බවයි එම ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads