මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් එම පක්‍ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව නිකුත්කර තිබූ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.
මෙම නඩු අද (30) යළි කැඳවීමෙන් අනතුරුවයි කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ.
ඒ අනුව, අදාළ වාරණ නියෝගය ඔක්තෝබර් මස 09 වනදා දක්වා දීර්ඝ කිරීමට නියෝග කෙරුණා.
Author: Lanka Hit News
Post Views: 39