Global Platform For All Sri Lankans

යහපාලනේ නායකයෝ පස්දෙනෙක්ම අපේක්ෂකයෝ වෙලා – ගම්මන්පිල

 

මෙවර ජනාධිපතිවරණය සඳහා යහපාලන ආණ්ඩුවේ නායකයින් පස් දෙනෙකු ඉදිරිපත්ව සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, අද (30) පෙරවරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එසේම, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, විජයදාස රාජපක්ෂ, සහ සරත් ෆොන්සේකා යන පස් දෙනාම යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයින්ය.

උදය ගම්මන්පිල වැඩිදුරටත් මෙසේ සඳහන් කළා. “ මේ පස්දෙනාගේ තිබෙන මහ පොදු සාධකය මොකක්ද ? මේ පස්දෙනාම යහපාලනයේ නායකයො. මොකද අනුර කුමාර දිසානායක මහත්තයාත් යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ ප්‍රධානියෙක්. අද ජනාධිපතිවරයයි අනුර කුමාර දිසානායක මහතයි, දෙපැත්තට කියව ගන්නවා තාම පයිල් අපි ගාව තියෙනවා කියලා. යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ ආගමික කටයුතු අමාත්‍යවරයා තමයි විජයදාස රාජපක්ෂ මහත්තයා. යහපාලන ආණ්ඩුවේ වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා තමයි සරත් පොන්සේකා මහත්තයා. යහපාලන ආණ්ඩුවේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා. මේ පස්දෙනාම නියෝජනය කරන්නේ ලක්ෂ හැට නමයක් ජනතාව එකට එකතු වෙලා පරාජය කරපු යහපාලන ආණ්ඩුව. මේ අය කණ්ඩායම් පහකට බෙදිලා ආවත් එකම මතවාදයක් තමයි නියෝජනය කරන්නේ. මේ අයගෙන් කෙනෙක් ඊළඟ ජනාධිපතිවරයා විය යුතු නම් අපරාදෙනේ 2019 දී 69 ලක්ෂයක් ජනතාව එකතු වෙලා මේගොල්ලන්ගේ ආණ්ඩුව පරාජයට පත් කළේ. ඔන්න ඔහේ කරගෙන යන්න ඉඩ දෙන්න තිබ්බා යැයි උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

1
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads