Global Platform For All Sri Lankans

ගෝ හෝම් කියලයි කිවුවේ , නාමල් කම් කම් කියලා කිව්වේ නෑ..” හඳුන්නෙත්ති

 

එදා රනිල් වික්‍රමසිංහට මහ බැංකු හොරා කියපු අය, අද ඔහු ලඟ නිදා සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික සුනිල් හදුන්නෙන්ති පවසනවා.

ඔහු මේ සඳහන් කළේ ඊයේ (07) නුවරඑළිය නගරයේ පෞද්ගලික හෝටලයකදී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින්.

”එදා මහ බැංකු හොරා කියපු අය ඒ කටවල්වලින්ම පහුගිය කාලේ කැටයම් දාලා රනිල් වික්‍රමසිංහව වීරයෙක් කළා.රනිල් මැයි පළවෙනිදා කියනවා කම්කරුවන්ගේ පඩි වැඩි කරනවා කියලා. අද කියනවා එහෙම එකක් කිව්වේ නෑ කියලා.

දෙන්නං කියද්දිත් අහිංසක මිනිස්සු අත්පොඩි ගහන්න ඕන. බෑ කියද්දිත් අත්පොඩි ගහන්න ඕන. මේක තමා රටේ මිනිස්සුන්ගේ ඉරණම. එදා කිව්වා හොරු සෙට් එක එකට ඉන්නකොට අපි කවුරුත් අරගලේට ගැහුවේ නෑ කියලා. ඒත් අද කියනවා ගහන්න කිව්වේ කවුද පොලු ගෙනිච්චේ කොහොමද ගැහුවේ කොහොමද කියලා.

අද අපි දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එයාලගේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කරලා රට්ටු හිනස්සන කතාවක් කියනවා.

ඒ තමයි අරගලෙන් ඉල්ලුවේ තරුණයෙක් ඔන්න අපි තරුණයෙක් දුන්නා එයාව ජනාධිපති කරගන්න කියලා. එදා අරගලය කරපු දේශ හිතෛෂී ප්‍රජාව කිව්වේ ගෝඨා ගෝ හෝම් රාජපක්ෂ ගෝ හෝම් කියලා. එතන කොතනකදිවත් කිව්වේ නෑ නාමල් කම් කම් කියලා.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

මැතිවරණයට කොමිසමේ සුදානම….

  ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අනපේක්ෂික කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවිය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads