Global Platform For All Sri Lankans

ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙමයි..

 

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ සඳහා පහත පියවර අනුගමනය කළ යුතු වනවා.

https://eservices.elections.gov.lk යන මැතිවරණ ඊ-සේවා වෙබ් අඩවියට පිවිසෙන්න.

එහි පුරවැසියන් සඳහා වන යොමුවෙන් ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු සෙවුම යන ඊ-සේවාව වෙත පිවිස, ජාතික හැඳුම්පත් අංකය යොදා තොරතුරු සොයා ,
ලැබෙන තොරතුරු අතුරින් මැතිවරණය සඳහා ලියාපදිංචි තොරතුරු ජනාධිපතිවරණය – 2024 වෙත පිවිසෙන්න.

එවිට 2024 ජනාධිපතිවරණය සඳහා භාවිතා වන නාමලේඛනයේ ඔබගේ ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු දිස්වෙනු ඇති අතර,

එයට පහළින් ඔබගේ ජංගම දුරකතන අංකය ඇතුළත් කර, ඡන්ද දැන්වීම් පත්‍රිකාව මුද්‍රණය මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රය බාගත කර ගැනීම සඳහා යොමුවන්න.

ඒ සමඟම ඔබගේ ජංගම දුරකතනයට කේතයක් ලැබෙන අතර, එම කේතය “Enter the code” යනුවෙන් දිස්වෙන ස්ථානයට ඇතුළත් කර ඔබගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව බාගත කර ගැනීමට පුළුවන්.

ඡන්ද හිමියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා , නිල ඡන්ද දැන්වීම්පත අනිවාර්ය අවශ්‍යතාවක් නොවන අතර, 2024 ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් වලංගු හැඳුනුම්පතක් සහිත ඕනෑම ඡන්ද හිමියෙකුට තමාට වෙන්කර ඇති ඡන්ද පොළ වෙත ගොස් අනන්‍යතාව සනාථ කිරීම ප්‍රමාණවත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads