Global Platform For All Sri Lankans

ඡන්දය දාන්න යන අයට විශේෂ බස් සේවයක්

 

ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට යන මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනූව, ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් දුර ගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

මේ අතර, පෞද්ගලික බස්රථ සංගම් සඳහන් කරන්නේ, එදිනට අමතර පෞද්ගලික බස් රථ සේවා නොපවැත්වෙන බවයි.

ඊට හේතුව පෞද්ගලික බස් රථ සේවකයන් ද ඡන්දය භාවිත කිරීමට යන නිසා බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත්, කෙටි ගමන් සේවා සීමිත ප්‍රමාණයක් ධාවනය කරන බවයි එම සංගම් පවසන්නේ.

මේ වෙනුවෙන් අතිරේක දුම්රිය සේවාවන් පැවැත්වීමට තීරණයක් ගෙන නොමැති බවත් සාමාන්‍ය දිනවල පරිදි දුම්රිය ධාවනය වන බවයි වාර්තා වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads