ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ මෙතෙක් පැවති විශාලතම ගැටළුවකට විසදුමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ , කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මා කුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය කරා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් (Air Port Terminal Shuttle Service ) අද(15) ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය විසින් කටුනායක ගුවන් තොටුපොළෙන් ආරම්භ කළා.
මෙම නව බස් සේවාව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම , ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය , පෞද්ගලික බස් රථ සමාගමක් ඒකාබද්ධ වී සංවිධානය කර ඇති අතර , ගුවන් තොටුපොළෙන් පිටත් වන මෙම බස් රථ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ , අතරමැද නැවැත්වීමකින් තොරව සිය ගමනාන්තය කරා පිවිසෙන ආකාරයට ගමනාගමනය සූදානම් කර තිබෙනවා.
එසේම මෙම නව බස් රථ සේවාව සදහා, සුඛෝපභෝගී විශාල ප්‍රමාණයේ බස් රථ 10 ක් යොදවා ඇති අතර , එක් ගමන් වාරයක් සදහා රුපියල් 3,000 ක මුදලක් එක් මගියෙකුගෙන් අය කිරීම ද සිදුවෙන බවයි සඳහන්.