ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය පළ කරමින් “පුළුවන් ශ්රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබෙනවා.
අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී ඊට අත්සන් තැබුණා.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම් ෆවුසි ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ හට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙවර ජනාධිපතිවරණයට රනිල් වික්රමසිංහ ඉදිරිපත් වන්නේ, ගෑස් සිලින්ඩරය සලකුණෙන් බව ඊයේ(15) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 19