Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
707919-21401854-2560-14401.jpg

News

March 15, 2025 , Published 01:03 pm ,
0
0
5 views

ශ්‍රී ලංකාවේ අවසන් තරග බලාපොරොත්තුව බොදවෙයි

  • newsLankahit news
  • 5 views
  • 0 comments

 

බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම 2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.ඒ, තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට එරෙහි අවසන් පූර්ව තරගය ලකුණු 6කින් ජය ගනිමින්.

රායිපූර්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 179ක් රැස් කළේ ය.නායක බ්‍රයන් ලාරා ලකුණූ 41ක් රැස් කර ගෙන සිටියදී පිටියෙන් ඉවත් වුණේ අබාධයක් හේතුවෙනි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 173ක් පමණි.
සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අසේල ගුණරත්න පන්දු 42කින් ලකුණු 66ක් රැස් කළේ ය.

තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම අතර  හෙට(16) පස්වරු 7.30යි ආරම්භ වීමට නියමිතයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.