අදට යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය පිළිබඳව කරුණු පැහැදිලි කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු හා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා.
"මෙවර ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනයේ මාතෘකාව වෙලා තියෙන්නේ තිරසර ජීවන රටාවකට සාධාරණ සංක්‍රමණයක් කියන මාතෘකාව. මේ මාතෘකාව මේ වසරේ අරගෙන තියෙන්නේ පරිසරයට අනුවර්ථනය වූ වගකීමෙන් පිරුණූ ජීවන රටා ගැන දැනුම්වත් කිරීමේ වැදගත්කම ගැන කාලීනව අවධානය යොමු කරලා තමයි පාරිභෝගික ජාත්‍යන්තරය මෙම වසරේ මේ මාතෘකාව අරගෙන තියෙන්නේ.''
පාරිභෝගික ආරක්ෂාව, සාධාරණ වෙළෙඳාම සහ තිරසාර පරිභෝජනය ප්‍රවර්ධනය යන අංශ කෙරෙහි මෙම දිනයේ දී වැඩි අවධානය යොමු කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි විශේෂයෙන්ම තිරසර සහ සෞඛ්‍ය සම්පන්න සහ සාධාරණ තේරීම් සියලුම පාරිභෝගිකයින්ට ප්‍රවේශ වියහැකි සහ දැරියහැකි මිලකට ලබාගත හැකි බවවීම සහතික කිරීම අවධාරණය කර තිබෙනවා.
No commnets