පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනිම හෙට මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වීමට නියමිතයි.
එබැවින් මේ දක්වා සදහා අයදුම් නොකල, සුදුසුකම් ලත් අයදුම්කරුවන් සිය අයදුම්පත්‍ර තැපෑලට භාරදීමෙන් වැලකී සිටින ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.
ඒ අනුව, හෙට මධ්‍යම රාත්‍රී 12 ට පෙර සිය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදිය යුතු බව එම කොමිසම පවසනවා.
එමෙන්ම, කිසිදු අවස්ථාවක යළිත් තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ නොකරන බවද මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
No commnets