කරාපිටිය ශික්ෂණ රෝහලේ විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍රයෙන් පිලිකා රෝගීන් හට නව ප්‍රතිකාර ආරම්භ කිරීම මේ වන විට අඩපණ වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි සභාපති චානක ධර්මවික්‍රම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විකිරණ ප්‍රතිකාර සැලසුම්කරණ පරිගණක පද්ධතියේ දෝෂයක් මීට හේතුවී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමට රෝහලේ බලධාරියෙකු සම්බන්ධ කරගැනීමට අප උත්සහ කළ ද එය සාර්ථක වුණේ නැහැ.
No commnets