දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ත්‍රීරෝද රථ සොරාගෙන චැසි සහ එන්ජින් අංකය මෙන්ම වර්ණය වෙනස්කර විකිණීමේ ජාවාරමක යෙදුණු හත් දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසනවා.
එම සැකකරුවන් සමඟ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ත්‍රීරෝද රථ 13ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
වැලිකඩ සහ වැල්ලම්පිටිය පොලිසියට වාර්තා වී තිබු , ත්‍රීරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන සිදුකරන ලඳ ප්‍රශ්න කිරීම්වලදී හෙළිකළ තොරතුරු වලට අනුව ,සැකකරුවන් ඒකල , හෝමාගම , කිරිදිවැල , කඩවත සහ මහනුවර ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
No commnets