Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 25, 2025 , Published 01:19 pm ,
0
0
6 views

දේශබන්දුට තුන්වේලම ගෙදරින්..

  • newsLankahit news
  • 6 views
  • 0 comments

 

බන්ධනාගාර ගතව සිටින සේවය අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට ආහාර නිවසෙන් ගෙන ඒම සඳහා අවසර ලබාදී තිබෙනවා. 

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ, ඊයේ (24) දිනයේ සිට අදාළ අවසරය ලබා දී ඇති බවයි. 

වැලිගම ප්‍රදේශයේ හෝටලක් අසල සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන්  එම නියෝගයෙන් දින 20කට පසුව අධිකරණයට භාර වුණා.

එහිදී මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් අප්‍රේල් 3 වනදා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. 

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දේශබන්දු තෙන්නකෝන් මහනුවර දුම්බර බන්ධනාගාරයට ඇතුළත් කළ අතර, එහිදී තමාගේ ආහාරවේල නිවසෙන් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙස ඔහු විසින් ඉල්ලීමක් කර තිබුණා. 

එම ඉල්ලීම සලකා බැලූ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඔහුට නිවසෙන් ආහාර ගෙන ඒමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 

ඒ අනුව, වේල් තුන සඳහාම දේශබන්දු තෙන්නකෝන් හට නිවසෙන් ගෙන එන ආහාර ලබා ගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.