ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්ජක්ෂට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා.
මෙම නඩුව විභාග කළ විනිසුරු මංජුල තිලකරත්න එම නඩුවෙන් ඉවත්වන බව අද පෙරවරුවේ දැනුම් දුන්නා.
ඉන් අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජිව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබුවා.
විනිසුරු සුජිව නිශ්ශංක ද සඳහන් කළේ තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.
ඒ අනුව මෙම නඩුවට සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය මැයි මස 21 වන දා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවන ලෙසත් නියෝග කෙරුණා.
No commnets