ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න එම නඩු විභාගයෙන් ඉවත් වන බව අද (27) දැනුම් දුන්නා.
සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් සම්බන්ධයෙන් මුහුණු පොතේ පළ කර තිබූ අදහස් වලින් අනතුරුව තමන් මෙම තීන්දුව ගත් බවයි විනිසුරු මංජුල තිලකරත්න විවෘත අධිකරණයේ දැනුම් දුන්නේ.
ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවට යොමු කරන බවත් ඔහු විවෘත අධිකරණයේ දී කියා සිටියා.
No commnets