Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 04, 2025 , Published 12:07 pm ,
0
0
views

අන්තරේ කැඳවුම්කරු හා තවත් අයෙක්ට ඇප..

  • newsLankahit news
  • views
  • 0 comments

අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධය දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් අයෙක් ඇපමත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔවුන් දෙදෙනා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

එහිදී අධිකරණය විසින් ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පසුගිය 27වනදා විරෝධතාවයක නිරත විය.

එහිදී අත්අඩංගුවට ගනු ලැබූ 25 දෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මීට පෙර මුදාහැර තිබුණි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.