Global Platform For All Sri Lankans

“විශ්‍රාමිකයින්ට ගෙවන සොච්චම කපා දැමීම අවසනාවන්තයි ” රෝහිණී

 

පසුගිය අගොස්තු මස සිට විශ්‍රාමිකයින්ට හිමි විය යුතුව ඇති රු. තුන් දහසක් (රු. 3000) ක මුදල අහිමි කිරීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදු කළ බලවත් අසාධාරණයක් බව මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසනවා.

ඇය මේ බව පැවසුවේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්.

එම නිවේදනයේ ඇය සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරණය හේතුවෙන් යැයි පවසමින්, මැතවරණ කොමිසම විසින් අගෝස්තු, සැප්තෑම්බර් සහ ඔක්තෝබර් මාස තුනේ රු. නව දහසක මුදලක් විශ්‍රාමිකයින්ට අහිමි වී ඇති බවයි.

ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප සමඟ අදාල මුදල් ලබා දෙන බව පැවසූ නමුත් එම මුදල් මෙවර විශ්‍රාම වැටුප් දිනයේ ද, ගෙවීමට රජය පියවර ගෙන නොමැති අතර මහා මැතිවරණය අවසන් වන තුරු එම මුදල ගෙවීම අත්හිටුවන්නේ නම්, මාස හතරක වැඩිකල වැටුප, (රු. 12,000 ක්) විශ්‍රාමිකයින්ට අහිමි වන බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එපමණක් ද නොව, මහා මැතිවරණය අවසානයේ දී, පළාත් පාලන මැතිවරණය කැඳවනු ලබන්නේ නම්, තවත් මාස තුනකට පමණ විශ්‍රාමිකයින්ට තමන්ට හිමි විය යුතු මුදල නොලැබී යාමේ අවදානමක් පවතින බව ඇය සිය නිවේදනය මගින් අවධාරනය කර සිටියා.

රජය පොහොර සහනාධාරය, ඉන්ධන සහනාධාරය, නොමිලේ පොහොර බෙදීම සහ අනෙකුත් සහන ව්‍යාපෘති සියල්ල මේ වන විට අඛණ්ඩව පවත්වාගෙන යයි. එසේ තිබිය දී, විශ්‍රාමිකයින්ට ගෙවනු ලබන සොච්චම් දීමනාව පමණක් කපා දැමීම අවසනාවන්ත තත්වයකි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

හිටපු මන්ත්‍රීවරු තිදෙනෙකුට සජබයෙන් නාම යෝජනා අහිමි වෙන ලකුණු ?

  හිටපු මන්ත්‍රීවරු තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads