Global Platform For All Sri Lankans

සියලු රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි

 

අමාත්‍යංශ යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රදානීන් පත් කරන තෙක් සියලුම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට අමාත්‍යංශ ලේකම්වරු අදාළ ආයතනවලට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, සංස්ථා, මණ්ඩල හා අධිකාරී ඇතුළු රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තාවකාලිකව අත් හිටුවන අතර, අදාළ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ගැනීම් ද නතරවනු ඇති බව සඳහන්.

අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් පරිදි ඊට අදාළ නියෝගය අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී විසින් නිකුත් කර තිබෙනවා.

ඇතැම් මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත් කර තිබෙන අතර, ඉදිරියේ දී සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන් විසින් පත් කිරීමට නියමිත බවද සඳහන් වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

හිටපු මන්ත්‍රීවරු තිදෙනෙකුට සජබයෙන් නාම යෝජනා අහිමි වෙන ලකුණු ?

  හිටපු මන්ත්‍රීවරු තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads