Global Platform For All Sri Lankans

Lanka Hit News

බීමත් රියදුරන් කොටු වු මෙහෙයුම..

අද උදෑසන 06 න් අවසන් වූ පැය විසි හතර තුළ බීමතින් රිය පැදවූ තවත් රියදුරන් 417 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, අනෙකුත් මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 8937 කට නීතිමය පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත උත්සව සමයේ රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම රථවාහන මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ පසුගිය 24 වනදායි.

ඒ අනුව, බීමතින් රිය පදවන්නන් ඇතුලු අනෙකුත් මාර්ග නීති උල්ලංඝනය කරනු ලබන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads