පාසල් උපකරණ මිල ගණන් ඉහළ යාම හමුවේ පාසල් සිසුන් මෙන්ම, විශ්වවිද්‍යාලීය සිසුන් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව ඇති බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා.
ඒ සඳහා, පනවා ඇති බදු මුදල් අඩු කරන ලෙසයි කොළඹ ඊයේ(08) කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් කියා සිටියේ.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ , අස්වැසුම ඇති පවුල්වල දරුවන්ට පමණක් රුපියල් හයදහසක මුදලක් ලබා දීම , ප්‍රමාණවත් නොවනු ඇති බවයි. එසේම, බදු ගණන් අඩු කළා නම්, එයින් සියලුම දරුවන්ට සාධාරණයක් ඉටුවන බවද පවසා සිටි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, එක් කාණ්ඩයකට පමණක් නොව සියලුම දරුවන්ට සහනය ලැබෙන පරිදි රජයේ අවධානය යොමු විය යුතු බවයි.
Author: Lanka Hit News
Post Views: 13