Global Platform For All Sri Lankans

Lanka Hit News

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සත්වෝද්‍යානයට අලුතින් යෝධ පැන්ඩා පැටවුන් 02ක් එකතු වෙයි

Xingqiu සහ Yilan නම් යෝධ පැන්ඩා පැටවුන් දෙදෙනෙකු අද උදෑසන දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරය වෙත ගුවන් මගින් පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ චීනයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 8,800ක් හරහා පැය 11ක් පමණ පියාසර කිරීමෙන් පසුවයි.

යෝධ පැන්ඩා සංරක්ෂණය සහ පර්යේෂණ සඳහා චීන-ඕස්ට්‍රේලියා සහයෝගීතාවයේ නව වටයක් ආරම්භ කරමින් මෙම යෝධ පැන්ඩාවන් දෙදෙනා සෙනසුරාදා පස්වරුවේ නිරිතදිග චීනයේ සිචුවාන් පළාතෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ආ බවයි කියන්නේ.

ඒ අනුව යෝධ පැන්ඩා සඳහා වූ චීන සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ ඩුජියැන්ග්‍යාන් කඳවුරේ සිටි මෙම වයස අවුරුදු 04ක් වන Xingqiu සහ අවුරුදු 03ක් වන Yilan ඉදිරි දශකය සඳහා ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ රැඳී සිටිනවා.

යෝධ පැන්ඩාවන් ආරක්ෂා කිරීමේ වගකීම ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම තුළින් චීනයේ සහ ඕස්ට්‍රේලියාවේ ජනතාව වඩාත් සම්බන්ධ වී ඇති අතර දෙරට අතර සබඳතා වර්ධනයට යෝධ පැන්ඩා විශේෂ දායකත්වයක් ලබා දී ඇති බවයි ඇඩිලේඩ් හි චීන කොන්සල් ජනරාල් ලී ඩොං සෙනසුරාදා ෂින්හුවා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

මෙම මුලපිරීම පර්යේෂණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට මෙන්ම චීනය සහ ඕස්ට්‍රේලියාව අතර මිනිසුන් අතර සමීප සබඳතා වර්ධනය කිරීම අරමුණු කරයි.

ඇඩිලේඩ් සත්වෝද්‍යානයට පැමිණීමෙන් පසු, Xingqiu සහ Yilan නිරෝධායනය කිරීමට නියමිතයි.

ඇඩිලේඩ් සත්වෝද්‍යානය පැන්ඩා පැටව්න්ගේ පැමිණීම් පිළිගැනීම සඳහා එහි පහසුකම් වැඩිදියුණු කර ඇති අතර, ප්‍රමාණවත් ආහාර සැපයුමක්ද සැළසුම් කර ඇති බවයි කියන්නේ.

එමෙන්ම පැන්ඩාවන් කළමනාකරණය සඳහා පළපුරුදු සත්කාර සහ පර්යේෂණ කණ්ඩායමක් පත් කර තිබෙනවා.

මීට පෙර 2009 දී, පැන්ඩාවන් දෙදෙනෙකු වන වැන්ග්වෑන්ග් සහ ෆුනි ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ රැඳී සිටි බව සඳහන්.

දක්ෂිණ අර්ධගෝලයේ සිටින එකම යෝධ පැන්ඩාවන් ලෙස, ඔවුන් නැවත චීනයට පැමිණෙන විට මෙම නොවැම්බර් මාසය දක්වා වසර 15ක් තුළ මිලියන 5කට අධික නරඹන්නන් පිරිසක් සත්වෝද්‍යානය වෙත පැමිණ ඇති බව කියයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads