ඉදිරියේදී වී සදහා සහතික මිලක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
කොළඹ ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන් කළේ, වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය සහ සතොස හරහා සිදුකිරීමටත් කුඩා හා මධ්‍ය පරිමාණ වී මිලදී ගැනීම් සිදුකරන පුද්ගලයින්ට ණය පහසුකම් ලබාදීමටත් කටයුතු කරන බවයි.
මේ අතර, සහල් අර්බුදයට විසඳුමක් ලෙස සහල් ආනයනය සඳහා රජය ලබාදුන් අවසරය තවත් දින 03 කින් අවසන් වනවා.
පසුගිය මස 04 වනදා සිට 20 වනදා දක්වා සහල් ආනයනයට අවසර ලබාදුන් අතර පසුව එම කාලය ප්‍රමාණවත් නොවන හෙයින් ලබන 10 වන දින තෙක් යළි දිර්ඝ කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
කෙසේ වෙතත්, අනතුරුව, රජය විසින් නියම කල පාලන මිලට අලෙවි කිරීමට සහල් නොලැබෙන බවත්, එම පාලන මිලට අලෙවි නොවීම සහ වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්න්ධයෙන් වෙළඳුන් සහ පාරිභෝගික ජනතාව රජයට චෝදනා එල්ල කර සිටියා.
එවන් පසුබිමක් තුල තවදුරටත් ඇතැම් සහල් තොග සම්බන්ධයෙන් වෙළදපලේ පවතින්නේ අර්බුදකාරි තත්ත්වයක්.
ඒ පිළිබඳ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් මරදගහමුල සහල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති බි.කේ.රංජිත් කියා සිටියේ පාලන මිලට ලැබෙනතුරු සහල් අලෙවි නොකරන බවයි.