Global Platform For All Sri Lankans

Lanka Hit News

රාජ්‍ය ආයතනවල V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කිරීමට උපදෙස්

 

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන මාර්තු මස 1 වැනි දිනයට පෙර වෙන්දේසි කර, එම ආදායම් වාර්තා ඉදිරිපත් කරන ලෙස සියළුම රාජ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.

මෙම උපදෙස්, චක්‍රලේඛයක් මඟින් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති අතර, වෙන්දේසි කරන ලද රථවහන් කිසිදු රාජ්‍ය ආයතනයක් විසින් නැවත මිලදී ගැනීම සම්පුර්ණයෙන්ම අඛණ්ඩ කළ යුතු බවද එම චක්‍රලේඛය මගින් අවධාරණය කර ඇති බව සඳහන්.

වර්ගීකරණය කරන ලද මෝටර් වාහන අතුරින් අදාළ ආයතනයේ භාවිතය සඳහා මෝටර් වාහන අවශ්‍ය වන්නේ නම්, මේ සමග වන ඇමුණුම I හි සඳහන් ආකෘතිය අනුව සකස් කරන ලද එම වාහනවල විස්තරද සමග එම අවශ්‍යතාවය සාධාරණීකරණය කරමින් අදාළ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගණන් දීමේ නිලධාරියා විසින් භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා 2024 දෙසැම්බර් 31 දිනට පෙර කොස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම තොරතුරු අදාළ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා / ගණන් දීමේ නිලධාරියා විසින් සහතික කළ යුතු අතර එසේ කළ නොහැකි විශේෂිත අවස්ථාවන් වලදී ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා, ගණන් දීමේ නිලධාරියා වෙනුවෙන් ආයතනයේ පරිපාලන කටයුතු පිළිබඳව වගකීම දරනු ලබන අදාළ ඉහලම නිලධාරියා විසින් නිසි ලෙස සහතික කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජාතිකාරක්ෂක පරීක්ෂණය සම්බන්ධයෙන් ඇමරිකාව ගෙන ඇති තීරණයට චීනයේ විරෝධය

චීනය ඇතුළු රටවල මිනිසුන් රහිත ගුවන් යානා පද්ධති සම්බන්ධයෙන් ඊනියා “ජාතිකාරක්ෂක” පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඇමරිකා වාණිජ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads