Global Platform For All Sri Lankans

යළිත් සබඳතා ඇති කර ගන්න , මාලදිවයින් ජනාධිපතිවරයා දිල්ලි නුවරට

 

මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ඒ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මාලදිවයිනට ඉන්දියාව ආධාර සපයනු ඇති බවට වෙන විශ්වාසයෙන් බවයි සඳහන් වන්නේ.

ඉන්දියාවේ දින පහක සංචාරයක් ආරම්භ කර ඇති ජනපති මුයිසු ඩොලර් මිලියන සිය ගණනක් වටිනා ඇපයක් අපේක්ෂාවෙන් මෙම සංචාරය සිදු කරන බව සඳහන්.

මාලදිවයිනේ විදේශ විනිමය සංචිත ඩොලර් මිලියන 440 (පවුම් මිලියන 334) දක්වා පහත වැටී ඇති අතර, එය ප්‍රමාණවත් වන්නේ, මාලදිවයින්ට අවශ්‍ය මාස එකහමාරක ආනයන සඳහා පමණක් බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඉන්දියාවට තම මූල්‍ය තත්ත්වය පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇති අතර, මාලදිවයිනේ විශාලතම සංවර්ධන හවුල්කරුවෙකු ලෙස රටේ බර ලිහිල් කිරීමට සහ ඔවුන් මුහුණ දෙන අභියෝගවලට වඩා හොඳ විකල්ප සහ විසඳුම් සෙවීමට ඉන්දියාවට හැකි වෙතැයි මෙම සංචාරය ආරම්භ කිරීමට පෙර ජනාධිපති මොහොමඩ් මුයිසු විදෙස් නාලිකාවකට පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, වසරකට පෙර ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේදී ජනපතිවරයා ඉන්දියානු විරෝධී ප්‍රතිපත්තියක් මත කේන්ද්‍රගත වී කටයුතු කළ අතර, දිල්ලිය සිය හමුදා දිවයිනෙන් ඉවත් කර ගත යුතු යැයි තරයේ කියා සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads