Global Platform For All Sri Lankans

Lanka Hit News

ඇමෙරිකාවේ හිටපු ජනපති ජිමි කාටර් අභාවප්‍රාප්ත වෙයි

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජේම්ස් අර්ල් කාටර් හෙවත් ජිමි කාටර් අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයායි.

1924 ඔක්තෝබර් මස 01වනදා උපත ලැබු ජිමි දිවි සාරිය නිම කරන විට වයස අවුරුදු 100ක්.

ජිමි කාටර් ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකි.

වර්ෂ 1977 සිට 1981 දක්වා එරට ජනාධිපති ධුරය හොඹවා ඇත්තේ ඔහුයි.

පසුගියදා ඇමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කාටර් නම් කිරීම සිදුකෙරුණු බව සඳහන්.

කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (29) පස්වරුවේ ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වු බවයි X පණිවුඩයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණේ.

කාටර් ප්‍රතිපත්තිගරුක විශ්වසනීය සහ නිහතමානී මිනිසෙකු බවයි ඔහුගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරමින් වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ.

ගෝලීය අර්බුදවලට සාමකාමී විසඳුම් සොයමින්, මානව හිමිකම් සුරක්ෂිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් ගොඩනැඟීමට දැරූ උත්සාහය වෙනුවෙන් 2002 වසරේදී ඔහු නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවා.

ධවල මන්දිරයට ගිය රතු රටකජු ගොවියා යන නමින්ද ජිමී කාටර්ගේ නාමය කා අතරත් ප්‍රචලිතව පවතී.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads