Global Platform For All Sri Lankans

හිටපු මන්ත්‍රීවරු තිදෙනෙකුට සජබයෙන් නාම යෝජනා අහිමි වෙන ලකුණු ?

 

හිටපු මන්ත්‍රීවරු තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

පාක්ෂිකයන්ගෙන් එල්ල වන විරෝධය, ජනාධිපතිවරණයේදී සිය වගකීම හරි හැටි ඉෂ්ට නොකිරීම, ආදී කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එසේම, එම මන්ත්‍රීවරුන් තිදෙනා අතර, පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර පාර්ලිමේන්තුවට පිවිසීමෙන් අනතුරුව සමගි ජන බලවේගය හා එක් වූ මන්ත්‍රීවරයෙකු ද වන බව සඳහන්.

තවද, මේ සම්බන්ධයෙන් දැනටමත් පක්ෂයේ ඉහළ මට්ටමින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඇති බවද වැඩිදුරටත් සඳහන් වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

හිටපු මන්ත්‍රීවරු තිදෙනෙකුට සජබයෙන් නාම යෝජනා අහිමි වෙන ලකුණු ?

  හිටපු මන්ත්‍රීවරු තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads