Global Platform For All Sri Lankans

”ජනපති අනුරට බහුතරය නෑ , බහුතරය ලබා ගෙන එකතු වී ආණ්ඩුව පිහිටුවනවා..” මාන්නප්පෙරුම

 

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා.

අනුර කුමාර දිසානායක හොරුන් වංචනිකයන් ඇල්ලීමට කටයුතු කරන්නේ නම් සහ ඒ අය විදේශයන්හි සඟවා ඇති මුදල් ගෙන එන්නේ නම්, ඊට අත් දෙක ඔසවා කොන්දේසි විරහිතව සහාය දීමට සූදානම් බවද ඔහු සඳහන් කර සිටියා.

එසේම, අනුර කුමාර දිසානායක රටේ බහුතරයක් නැති ජනපති බවත්, බහුතරයක් ලබා ඇති විපක්ෂය එකතු වී ආණ්ඩුව ඉදිරියේදී පිහිටුවන බවත් අජිත් මාන්නප්පෙරුම මෙහිදී සඳහන් කළා.

මේ අවස්ථාවේදී සියලුම දෙනා එකතු වීම ඉතා වැදගත් බවද, ඔහු අවධාරණය කළ අතර, වංචා දූෂණවලට පැටලුණු අයව සමගි ජන බලවේග ලැයිස්තුවට
ඇතුළත් නොකිරීමට පක්ෂය තීරණය කර ඇති බවද සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

හිටපු මන්ත්‍රීවරු තිදෙනෙකුට සජබයෙන් නාම යෝජනා අහිමි වෙන ලකුණු ?

  හිටපු මන්ත්‍රීවරු තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads