Global Platform For All Sri Lankans

Lanka Hit News

Search
Close this search box.

ශ්‍රීපාදය වඳින්න අද ඉඳලා යන්න පුළුවන්..

 

ලබන වසරේ මැයි 13 වැනිදා දක්වා ක්‍රියාත්මක 2024/2025 ශ්‍රීපාද වන්දනා සමය අදින්(14) ආරම්භ වනවා.

ශ්‍රීපාද මළුවේ කළ විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව වන්දනා සමය අද(14) අලුයම ආරම්භ කෙරුණා.

ශ්‍රීපාද වන්දනා සමයේ කටයුතු කළ යුතු ආකාරය පිළිබද දැනුම් දෙමින්, රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අත්සනින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපදිමින් බැතිමතුන් සිරිපා කරුණා කල යුතු බව ගැසට් නිවේදනය මඟින් අවධාරණය කර ඇති බව සඳහන්.

ශ්‍රී පාද වන්දනා සමය අවසන් වූ පසු සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාදස්ථානයේ සිට පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාරස්ථානයේ පිහිටි විශේෂ කුටියක තැන්පත් කරනවා. එලෙස තැන්පත් කරන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ නැවත එම විශේෂ කුටියේ සිට පිටතට වැඩම කරවීම සිදුකරන්නේ ශ්‍රී පාද වන්දනා සමය යළි ආරම්භ වීමත් සමඟ යි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

වෙබ් අඩවියේ නම වැරද්දුවාට අධිකරණ ඇමති CIDයට

  පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads