ඒ අනුව දැනට නිකුත් වී ඇති ප්‍රතිපල අනුව හිටපු මැති ඇමතිවරුන් 50කට පමණ මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වී නැහැ.
ගම්පහ දිස්ත්‍රිකය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ නිමල් ලාන්සා, ඉන්දික අනුරුද්ද, ප්‍රසන්න රණවීර, ලසන්ත අලගියවන්න, චන්න ජයසුමන යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළුව සර්ව ජන බලය නායක දිලිත් ජයවීර සහ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රංජන් රාමනායක මහතාටද මෙවර පාර්ලිමේන්තුවේ ආසනයක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නැහැ
කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ රාජිත සේනාරත්න, විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත, රොෂාන් රණසිංහ, සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ටද මෙවර සිය ආසනය අහිමි වී තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළ මහිදානන්ද අලුත්ගමගේ, තිස්ස අත්තනායක, දිලුම් අමුණුගම
වසන්ත යාපා බණ්ඩාර, එම් වේලුකුමාර්, එම්. එච්. ඒ. හලීම්, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙවර අසුනක් වෙන් වන්නේ නැහැ.
මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර, රමේෂ් පතිරණ සහ චන්දිම වීරක්කොඩි, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, මොහාන් ප්‍රියදර්ශණද සිල්වා යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙවර මහමැතිවරණයෙන් සිය ආසනය අහිමි වී තිබෙනවා.
මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ හිටපු අමාත්‍ය කංචන විජේසේකරට මෙන්ම නිපුණ රණවක, විරසුමන වීරසිංහ, බුද්ධික පතිරණ යන හිටපු මන්ත්‍රීවරුන්ටද මෙවර පාර්ලිමේන්තුවේ ආසනයක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට තරග කළ හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ , හිටපු අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන්ටද මෙවර මන්ත්‍රීධුර අහිමි වී තිබෙනවා.
මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර, අසංක නවරත්න, අශොක් අබේසිංහ, ජයරත්න හේරත්, චරිත හේරත්, තුෂාර ඉඳුනිල් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙවර පාර්ලිමේන්තුවේ ආසනයක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජය කරමින් තරග කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ තාරක බාලසූරියට මෙන්ම දුෂ්මන්ත මිත්‍රපාල හිටපු මන්ත්‍රීවරයාටද මෙවර පාර්ලිමේන්තුවේ සිය ස්ථානය අහිමි වී තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ පවිත්‍රා දේවී වන්නිආරච්චි, ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර යන හිටපු අමාත්‍යවරුන්ටද සිය මන්ත්‍රීධුර අහිමි වී තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජය කරමින් තරග කළ දුමින්ද දිසානායක, එස්.එම් චන්ද්‍රසේන, ඉෂාක් රහුමාන්, කේ.පී.එස්.කුමාරසිරි යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙවර පාර්ලිමේන්තුවේ සිය ස්ථානය හිමිවී නැහැ
මේ අතර හරීන් ප්‍රනාන්දු, හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ හිටපු මන්ත්‍රී තේනුක විදානගමගේටද බදුල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
මීට අමතරව ශෂින්ද්‍ර රාජපක්ෂ, ඩබ්ලිව්.ඩී. වීරසිංහ. එම්, සුමන්තිරන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ,ඩග්ලස් දේවානන්දා, අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ටද මෙවර පාර්ලිමේන්තුවේ අසුනක් වෙන්වී නැහැ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා සර්වජන බලය පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ නමුත් ඔහුටද මෙවර පාර්ලිමේන්තුවේ ආසනයක් දිනාගැනීමට අවස්ථාව හිමිවුණේ නැහැ.
මීට අමතරව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා ප්‍රතික්ෂේප වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශේන් සේනාරත්න මහතාද කොළඹ දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අංක 15 ඔස්සේ මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහුටද මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් ලබා ගැනීම අවස්ථාව අහිමී වී තිබෙනවා