Global Platform For All Sri Lankans

කථානායකධුරය බිමල් රත්නායකට?

 

10 වැනි පාර්ලිමේන්තුවේ කථානායක වශයෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක පත් කිරීමට නියමිත දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත්, මෙම පත්කිරීම තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

මෙරට 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය එළැඹෙන 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවක නව සභාවාරයක් ආරම්භවීම යනු සම්ප්‍රධායන් රැසක් ක්‍රියාත්මක කෙරෙන ඉතා සුවිශේෂී අවස්ථාවක්.

ශ්‍රි ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීම තවත් දින 2කින් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ජනතා මනාපයෙන් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 29ක් වශයෙන් මන්ත්‍රීවරුන් 225දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වනවා.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

නවක මුහුණු 176ක් ,මැතිසබයට..

  2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුව “සුද්ද කරමු” යන තේමාව මූලික කරගනිමින් ජාතික ජන බලවේගය සිය මැතිවරණ කටයුතු ආරම්භ කළ අතර

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads