Global Platform For All Sri Lankans

Lanka Hit News

කියුබානු සෞඛ්‍ය දැනුමෙන් , ඩෙංගු මඩින්නයි යන්නේ..

 

ඩෙංගු රෝගය මෙරටින් තුරන් කිරීම සඳහා කියුබානු සෞඛ්‍ය අංශවල විශේෂඥ දැනුම ලබාගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති එච්.ඊ. ඇන්ඩ්‍ර මාර්කෙලෝ ගොන්සාලිස් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ හමුවකින් අනතුරුවයි

එහිදී ඩෙංගු මර්දනය සඳහා කියුබා රජය අනුගමනය කළ සාර්ථක පියවර පිළිබඳ අවධාරණය කළ තානාපතිවරයා මෙරටින් ඩෙංගු තුරන් කිරීම සඳහා උපරිමයෙන් සහයෝගය ලබා දෙන බව ද සඳහන් කළා.

එසේම, මෙරට මහජන සෞඛ්‍ය වැඩසටහන් වැඩිදියුණු කිරීම සඳහා අදාළ විශේෂඥතාව සහ දැනුම ලබා දීම කියුබානු රජයේ අරමුණ වී ඇති අතර,
මදුරු කීටයන් මර්දනය කිරීමට භාවිත කරන ක්‍රම කිහිපයක් ද සාකච්ඡාව අතරතුර හඳුන්වා දී තිබීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත්, මේ වන විට ඩෙංගු හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 23ක් වනවා.

එසේම, වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 45,959ක් ලෙසද සටහන් වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads