Global Platform For All Sri Lankans

Lanka Hit News

දින පහකදී රියදුරන් 42000කට නීතිය

 

උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ රථවාහන මෙහෙයුම් යටතේ දින 05 ක කාලයෙහිදී රියදුරන් 42094කට නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊයේ (29) උදේ 6.00න් අවසන් වූ පැය 24 ක කාලයෙහිදී රියදුරන් 8068කට නීතිය ක්‍රියාත්මක කර තිබෙන අතර බීමත් රියදුරන් 401 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්තරදායක ලෙස රිය පැදවූ රියදුරන් 53 ක්, අධික වේගයෙන් රියධාවනය කළ රියදුරන් 48 ක්, මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 1350 ක්, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියදුරන් 865 ක් හා වෙනත් වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5351 කට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

28 වන උදේ 6.00න් අවසන් වූ පැය 24 ක කාලයේදී රියදුරන් 8392 කට , 27 වන දින උදේ 6.00න් අවසන් වූ පැය 24 ක කාලයේදී රියදුරන් 8937 කට , 26 වන දින වන දින උදේ 6.00න් අවසන් වූ පැය 24 ක කාලයේදී රියදුරන් 7950 කට හා 25 වන දින උදේ 6.00න් අවසන් වූ පැය 24ක කාලයේදී රියදුරන් 8747කට නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස්පතිවරයාගේ උපදෙස් මස පසුගිය 23 වන දින සිට අඛණ්ඩව මෙම මෙහෙයුම් සිදුකරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබෙනවා.

බීමත්ව රිය ධාවනය නොකරන ලෙසත් මාර්ග නීති පිළිපදිමින් රථ වාහන නීති උල්ලංඝනය නොකර රථවාහන ධාවනය කරන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads