මැණික් තොගයක් ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවාගෙන චීනය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 සහ 39 වයස්වල පසුවන මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (21) රාත්‍රී 10.20ට චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව යන චීන ගුවන් සේවයේ සී.ඒ.- 426 දරණ ගුවන් යානයෙන් පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙහිදී රේගු නිලධාරීවරුන්ට මෙම පුද්ගලයින් දෙදෙනා පිළිබඳව සැකපහල වී ඇති අතර එහිදී සිදු කළ පරීක්ෂා කිරීම්වලදීයි මෙම මැණික් තොගය සොයා ගෙන ඇත්තේ.
මෙම මැණික් තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් පමණ වන බව සඳහන්.
එම මැණික් අතර නිල් මැණික්, පද්මරාග, කිරින්චි, රතු කැට, කනක, සැවරයිට්, වෛරෝඩි, සැවරයිට්, චන්ද්‍රකාන්ත, තෝරමල්ලි, සහ ආරනූල් යන ප්‍රධාන මැණික් වර්ග වල කැරට් 756 ක් බරැති මැණික් කැට 390ක් තිබී ඇති බව වාර්තා වනවා.











