‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇතිවු විනාශයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් ඉල්ලීමක් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නොබෙල් ත්‍යාග ලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුලු ලොව ප්‍රමුඛ ආර්ථීක විශේෂඥයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ඉල්ලීම කර ඇති බවයි.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ පාරිසරික විනාශයේ පරිමාණය සැලකිල්ලට ගෙන රටේ ආපසු ගෙවීම් කළමනාකරණය කළ හැකි මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙසද එම කණ්ඩායම ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
අදාළ ඉල්ලීම සඳහා ඉන්දියානු සංවර්ධන ආර්ථික විද්‍යාඥවරියක් වන ජයති ගෝෂ් මෙන්ම තෝමස් පිකට්, හිටපු ආර්ජන්ටිනාවේ ආර්ථික අමාත්‍ය මාටින් ගුස්මාන් සහ ඩෝනට් ඉකොනොමික්ස් ග්‍රන්ථයේ කතුවරිය වන කේට් රාවරත් ඇතුලු ආර්ථීක විශේෂඥයින් 120දෙනෙකු මෙම ඉල්ලීමට අත්සන් කර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් හදිසි අවශ්‍යතා හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිරේක ණයක් මේ වන විටත් ලබා ගෙන ඇති අතර ඉදිරියේ දී තවත් ණය ලබා ගැනීමට සිදුවනු ඇති බවයි එම විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බාහිර සෛවයිරී ණය ගෙවීම් වහාම අත්හිටුවීම සහ නව තත්ත්වයන් යටතේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට නව ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙස ද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.










