උණුසුම් පුවත්

අත්තනගලු ඔයේ නාඳුනන මළසිරුරක්

අත්තනගලු ඔයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙම මළසිරුර සොයා ගෙන ඇත්තේ අත්තනගල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතයි.

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.

මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අත්තනගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Shares: