දේශීය

කල්දැමූ උසස් පෙළ විෂයන්ට අදාළව සිසුන්ට විශේෂ උපදෙස් මාලාවක්

මෙවර අපොස උසස් පෙළ කල්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ගේ පදිංචිය වෙනස් වී ඇත්නම් වහාම දැනුම් දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ් සම්බන්ධයෙන් තම පාසලේ විදුහල්පති හෝ විභාග දෙපාර්තමෙන්තුව දැනුවත් කරන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය කියා සිටියේ.

එමෙන්ම විභාග කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කළේ 0112784537 සහ 0112788616 අංක අමතා, ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකි බවයි.

විභාග අපෙක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර හෝ ජාතික හැදුනුම්පත් ආපදා හේතුවෙන් විනාශ වී ඇත්නම් ඒ් සඳහා කඩිනමින් අවධානය යොමුකරන ලෙසයි ඇය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

Shares: