විදෙස්

ගුවන්යානයක් කඩා වැටෙයි – 05කට දිවි අහිමියි

මෙක්සිකෝවට අයත් වෛද්‍ය සේවා ගුවන් යානයක් අමෙරිකාවේ ටෙක්සාස් හි ගැල්වෙස්ටන්ස් බොක්ක ආසන්නයේදී කඩා වැටී තිබෙනවා.

අනතුරට ලක්වන විට යානයේ මගීන් 8 දෙනෙක් සිට තිබූ අතර නිවේදනයක් නිකුත් කරමින් මෙක්සිකෝ නාවික හමුදාව පැවසුවේ ඔවුන්ගෙන් සිව් දෙනෙකු නාවික නිලධාරීන් බවත්, අනෙක් සිව්දෙනා සිවිල් වැසියන් බවයි.

අනතුරෙන් පස්දෙනෙක් මියගොස් ඇති අතර ඒ අතරට දෙහැවිරිදි දැරියක් ද සිටිනවා.

යානයේ සිටි දෙදෙනෙක් නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පිලිස්සුම් තුවාල ලැබූවන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමේ කඳවුරකට එක්වීමට එම යානය ගමන් කරමින් පැවති බවයි මෙක්සිකානු නාවික හමුදාව සඳහන් කර ඇත්තේ.

කෙසේනමුත් අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින අතර බලධාරීන් සැක පළකරන්නේ කලාපයේ පැවති ඝන මීදුම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි.

Shares: