දේශීය

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබෙනවා.

එයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පැවසුවේ.

ඔහු මේ බව කියා සිටියේ අද පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

Shares: