සිරියාවේ Deir ez-Zor පළාතේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පුපුරණ ද්‍රව්‍ය පිරවූ යතුරුපැදියක් පුපුරා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබු තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
සිරියානු ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාර ගෙන නොමැති බවයි.
2024 අගභාගයේදී බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් පසු, සිරියාවේ නව පරිපාලනය සිරියාවේ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර කිහිපයක් ගෙන ඇති අතර, සමාජ සහජීවනය ප්‍රවර්ධනය කරන අතරම දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ අනුගමනය කරමින් කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගීතාව පුළුල් කිරීමට කටයුතු කරමින් සිටිනවා.











