සීප්පුකුලම වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අද (24) යළිත් රක්ෂිතය බන්ධනාගාරගත කර තිබෙනවා.
අදාළ සැකකරුවන් අද අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් ලක්මාලි හෙට්ටිආරච්චි මෙනවිය විසිනුයි මෙම නියෝගය ලබා දී තිබුණේ.
එමෙන්ම මහජන විරෝධතාවක් ඇතිවිය හැකි බැවින් සැකකරුවන් හට ඇප ලබාදීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදුන් වනඅලියා ගින්නෙන් පුලුස්සා හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, සැකකරුවන් තිදෙනෙකු මිහින්තලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දීයි.
මීට දින කිහිපයකට පෙර හිංසාවට ලක්වූ වනඅලියා සීප්පුකුලම ප්‍රදේශයේ දී මියගොස් සිටියා.
අලියා මියයෑම සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය හා පිලිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු මත මරණයට පත්ව ඇති බවටයි නියගමනය කර තිබුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42, 48 සහ 50 යන වයස්වල එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.










