ව්‍යාපාරික

ලෝක රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල ඉහළ යාමේ ශීඝ්‍රතාව අඩුවීමක්

ලෝක වෙළඳ පොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් මිල ඉහළ යාමේ ශීඝ්‍රතාව අඩුවී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

මේ දිනවල මෙරට කැරට් 24 රන් පවුමක් රුපියල් තුන් ලක්ෂ 57000 කට අලෙවි වන බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර සඳහන් කළේ.

එහෙත් ලෝක රන් මිල මේ වනවිට සටහන් වන්නේ ඉතිහාසයේ ඉහළම අගයකයි.

ඊයේ (25) දිනයේ ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිළ ඩොලර් 4479ක් ලෙස සටහන් වුණා.

කෙසේ වෙතත් නත්තලින් පසු මෙරට රන් මිලද තවදුරටත් ඉහළ යනු ඇති බවයි ඉන්දික බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට හේතුවූ කරුණු සම්බන්ධයෙන්ද ඔහු එහිදී පැහැදිලි කිරීමක් සිදු කළා.

Shares: